Colombo Today Local NewsTop Stories

“ශ්‍රී ලාංකීය ඉස්ලාමීය බැතිමතුන් මේ රටේ අනන්‍යතාව රැකෙන පරිදි කටයුතු කළ යුතුයි.. ඔවුන් අරාබි ඉස්ලාමීය බැතිමතුන් වෙන්න ගියා… ගැටලුවට මුල මේකයි”

ජාතියක් ලෙස ඉදිරියට යාමේදී ශ්‍රී ලාංකිය අනන්‍යතාවය කුමක්දැයි නිවැරදිව හදුනාගත යුතු බවත්, ජාතියක් ලෙස ජාත්‍යන්තරය හමුවේ නැගී සිටීමටනම් සියළු දෙනා එක්සත් විය යුතු බවත් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශකළේ පසුගියදා මහනුවර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළිදව නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ ‘අන්ලිමිටඩ්‘ වැඩසටහනේදී අදහස් දක්වමිනි.

“මේ රටේ ශ්‍රී ලාංකීය ඉස්ලාමීය බැතිමතුන් අරාබි ඉස්ලාමීය බැතිමතුන් වෙන්න ගියා.. මේක තමයි ප්‍රශ්නයට මුල. මේ රටේ ඉපදිලා, මේ රටේ ජීවත් වෙන ඉස්ලාමීය බැතිමතුන් කටයුතු කළ යුත්තේ මේ රටේ අනන්‍යතාවය රැකෙන පරිදියි“ යනුවෙන්ද උවහන්දේ එහිදි ප්‍රකාශ කර සිටියේය.

ඇතැම් දේශපාලන න්‍යායපත්‍ර මත, අනාගතයේදී ජාතියට නායකත්වය දිය හැකි තරුණයන් මුලා කර විවිධ කලහකාරී සිද්ධීන්වලට යොදා ගැනීමෙන් සිදුවන හානිය සුළුපටු නොවන බවද එහිදි ප්‍රකාශ කෙරිණි.

එම සම්පූර්ණ වැඩසටහන මෙතැනින්

Related posts

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළා – ජනපති

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday

2024 වනතුරු නායකත්වය ගැන කතා එපා ! රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායමට දන්වයි

colombotoday

ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම අද සිට යළි සිමාවේ

colombotoday