Colombo Today Local News

විසි එක්වන සියවසේ විශිෂ්ඨතම බුද්ධිමතා, ස්ටීවන් හෝකින් සමුගනී

බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.

කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි.

“අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Related posts

හරක් හොරකමේ ගිය පීසී අල්ලයි

Admin

පුංචි ඡන්දයේ ගැසට්ටුව නිකුත් වෙයි

Admin

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

Admin

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේයැයි සැක මළ සිරුරක් කටුනායකට

colombotoday

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin