Colombo Today Local News

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

කළුතර මීගහතැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි දරුවෙකු අතුරුදන්වී ඇති බව ඔහුගේ මව්පියන් පවසනවා. මේ පිළිබඳව මීගහතැන්න පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා.

නිපුණ රුක්ෂාන් මීගහතැන්න මහා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. කළුතර කහටගල්ල මිගස්තැන්න ප්‍රදේශයේ පදිංචි නිපුණු පසුගිය බදාදා පාසල නිමවී පැමිණීමෙන් පසුව නිවස ආසන්නයේ බෝගස අසලට ගොස් ඇති බවයි මව්පියන් පවසන්නේ. ඉන් අනතුරුව ඔහු අතුරුදන්වී ඇති අතර මව්පියන් පසුව ඒ පිළිබඳව මීගහතැන්න පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා.

මේ දක්වාම ඔහු පිළිබඳව කිසිදු ආරංචියක් නොලැබුනු අතර ඊයේ රාත්‍රියේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙම නිවසට පැමිණියේ කපු මහතෙකු ද සමගයි.

කිසියම් පුද්ගලයෙකු දරුවා තිඹිරිගස්යාය ප්‍රදේශයේ කම්කරු නිවාසයක සිරකර තබා ඇති බව අංජනම්කරු පැවසූ බවයි මව්පියන් ප්‍රකාශ කළේ. අනතුරුව දරුවා රටින් පිටකිරිමේ උත්සහයක් ද පවතින බව පැවසූ අංජනම්කරු අද දිනය තුළ දරුවා නැවත හමුවන බව ද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එය ඉටුවීමට නම් ඊයේ මධ්‍යම රාත්‍රිය අවසන් වීමට පෙර කන්දෙ විහාරයට පූජාවක් පැවැත්විය යුතු බවට ඔහු සඳහන් ඇති බැවින් නිවැසියන් කන්දේ විහාරයට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ද ක්‍රියාත්මකයි.

Related posts

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වෙයි

colombotoday

පස් වැනි වතාවටත් රනිල් අද අගමැති තනතුරේ දිවුරුම් දෙයි

colombotoday

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයින් 110 දෙනෛකු දිවයිනට

colombotoday

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin

ජනපති එක්ක එකතුවුණේ අපි එපා කියද්දීයි… අපි සතුරන්ගේ උගුලකට අහුවුණා – වෙල්ගමගෙන් දෝස්මුරයක්…

colombotoday

අපරාධ කල්ලි සාමාජික ලඩියාගේ සහයකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday