Colombo Today Local NewsTop Stories

“රණවිරුවන්ට වින කරන අතුරුදන් පනත බල රහිත කරන්න” – ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

පුද්ගලයන් අතුරුදන් කිරීමෙන් වැළකීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත තුළින් රණවිරුවන්ට අනර්ථයක්‌ සිදු වන නිසා එම පනත බල රහිත කරන්නැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත හදිසි සංදේශයක්‌ යවමින් ඉල්ලා ඇත.

එම සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර සහ ප්‍රධාන ලේකම් යසස්‌ ධර්මදාස යන මහත්වරුන් විසින් යවා ඇති එම සංදේශයේ මෙසේද දැක්‌වේ.

ගරු ජනාධිපතිතුමනි,

ඔබතුමා දන්නා පරිදි 2018 මාර්තු 07 වන දින පුද්ගලයන් අතුරුදන් කිරීමෙන් වැළකීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවේ සුළු බහුතරයකින් සම්මත කරන්නට යෙදුණි.

මේ පනත හදිසියේ සම්මත කර ගැනීමට රජය උත්සුක වූයේ පසුගිය ජනවාරි මස 25 වන දින එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා විසින් නිකුත් කරන ලද A/HRC/37/23 දරන වාර්තාවෙන් රජය තදබල ලෙස විවේචනය කර තිබීම නිසාවෙන් බව පැහැදිලිය.

ඔබතුමා දන්නා පරිදි මෙම ප්‍රඥප්තිය පැමිණවීමද, ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද 30/1 ගිවිසුම අනුව සිදු කරන ලද ක්‍රියාවකි. එම ගිවිසුම පිළිබඳ දැඩි විවේචනයක්‌ රට තුළ පවතින අතර එහි අඩංගු හුදු අභූත චෝදනා, අඩුම තරමේ “විශ්වාස කිරීම සඳහා සැලකීමට” වත් සුදුසු සාක්‌ෂි නොමැති හුදු ද්වේශයෙන් පිරුණු ප්‍රලාප බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට 2017 මාර්තු මස ඉදිරිපත් කරන ලද “විරුවන්ගේ විත්ති වාචකය” තුළින් ඔප්පු කරන ලදී.

මීට ප්‍රථමද අප ඔබතුමාගෙන් මේ සාවද්‍ය චෝදනා එල්ල කර ඒවා ඔප්පු නොකරම දඬුවම් දෙන ක්‍රියාවලිය නවතා දැමීමට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටි අතර ඔබතුමාගේ දේශහිතෛෂී දේශානුරාගීභාවය ගැන අප විශ්වාසය තැබුවෙමු.

මීට ප්‍රථම අවස්‌ථා දෙකකදීම මෙම අනර්ථකාරී පනත පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වීම වැළැක්‌වීමට ඔබතුමා හට හැකි වුණ අතර ඔබතුමා මහා සංඝරත්නයටද 2017 සැප්තැම්බර් 21 දින ඒ සඳහා ප්‍රතිඥා ලබා දෙන ලදී.

තත්ත්වය එසේ පැවතුණද 2018.03.07 දින සවස හදිසියේම එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සුළු ඡන්ද ප්‍රමාණයකින් සම්මත කරගන්නා ලදී. මෙහි භයානක සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූල නොවන තත්ත්වය වන්නේ එදින උදය වරුවේදී කථානායකතුමා විසින් මෙම පනත විවාදයට නොගන්නා බවට ප්‍රකාශ කළත් එය නොසලකා එම දිනයේදීම අපරභාගයේදී එම අදහස වෙනස්‌ කර අධිකරණයේ පවා අනුමැතියට ලක්‌ නොවූ රටේ රණවිරුවන්ට ඉතා හානිදායක ලෙස බලපාන්නා වූ පනතක්‌ ඉතා අන්තනෝමතික ලෙස සම්මත කර ගැනීමයි.

මෙම පනත හුදු අපරාධකරුවන්ට දඬුවම් දෙන පනතක්‌ නම් ඒ පිළිබඳව අප අවධානය යොමු නොකරනු ඇත. මෙය හුදු අපරාධකරුවන්ට දඬුවම් කිරීමට පමණක්‌ බලය දෙන පනතක්‌ නොව, හුදු අභූත චෝදනාවක්‌ එල්ල කළ පමණින් ඕනෑම රටකදී අත්අඩංගුවට ගැනීමට ඕනෑම රටකට නෛතික බලය පවරන පනතක්‌ද වේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔබතුමා පුන පුනා පවසා සිටියේ කිසිම ලෙසකින්වත් අපේ රණවිරුවන් පිටරටවලට භාර නොදෙන බවයි. නමුත් මෙම පනතින් සිදුව ඇත්තේ භාරදීමක්‌ නොව පැහැරගෙන යැමට හෝ රඳවා ගැනීමට නෛතික බලයක්‌ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කර ඇති ඕනෑම රටකට ලබා දීමයි.

එම නිසා අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වහාම එම පනත බල රහිත කිරීමට කටයුතු කරන ලෙසයි.

Related posts

සේරුවිල රජමහා විහාරය කිසි දිනක දෙන්නේ නෑ. – කිරිබත්ගොඩ හිමිගේ අසපුව සම්බුද්ධ ශාසනය විනාශ කරන දිලීරයක්. සහරාන්ට වඩා දරුණුයි.

colombotoday

කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

colombotoday

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday

සාද් ශරාෆ් මස් වැද්දා පොලීසියට භාර වෙයි

colombotoday

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday