Entertainment

“ගීතයේ හා සංගීතයේ විශාල පිරිහීමක්” – වික්ටර් රත්නායක

සුභාවිත සංගීතයේ ඉහළ ස්ථානයකට ඔහු අදටත් වැජඹෙන්නේ විරාජමාන ලෙසිනි. 1964 වසරේදී සංගීත ක්ෂේත‍්‍රයට එක්වූ ඔහුගේ සංගීත දිවියට වසර 53කි. ඔහුගේ 75  වැනි ජන්ම දිනය මෙම මස 18 වැනි දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඔහු තම කටහඬින් රසිකයාට උපන්දින තෑග්ගක් දීමට බලාපොරොත්තු වේ.

ඒ 18 වැනි දින පස්වරු 7.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. හෙළ සුභාවිත ගීතයේ ඉහළ ස්ථානයක වැජඹෙන ඔහු තම අනන්‍යතාවය මෙන්ම ජනප‍්‍රියත්වය එක ලෙස එදා සිට අද දක්වා රැුකගෙන සිටීමට සමත් වී තිබේ. ඔහු නමින් ප‍්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකය.

ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවේදියාගේ 75 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ‘‘වික්ටර් වජුප‍්‍රභා’’ නමින් මෙම මස 18 වැනි දින පවත්වන ගී ප‍්‍රසංගයේ දී යළිත් වරක් ඔහුගේ හඬ අපට අසන්නට හැකිවනු ඇත. ඒ දහස්වාරයක් පේ‍්‍රක්ෂකයන්ගේ සිත් සතන් මෝහනය කළ ඔහුගේ ‘‘ස’’ ප‍්‍රසංගය පැවැත්වීමෙන් පසු පවත්වන එකම ඒක පුද්ගල ගී ප‍්‍රසංගය මෙය නිසාවෙනි.

එදින ඔහුගේ නිල වෙබ් අඩවිය වන www.victorrathnayake.lk ගීත 12කින් යුත් අලූත් සංයුක්ත තැටියක්, ඔහුගේ ගීත විමර්ශනය කරන කෘතියක් එළි දැක්වීමට කටයුතු යොදා තිබේ. මේ සියලූ කාරණා නිමිතිකරගෙන මේ ගාන්ධර්වයා සමග අපි කතාබහ කළෙමු. මේ එම සංවාදයේ සටහනයි.

 

ඔබගේ දිවිගමනට අවුරුදු 75ක් මේ මස 17 වැනි දිනට සපිරෙනවා. ඒ නිමිත්තෙන් ඔබ ‘‘වජු ප‍්‍රභා’’ නමින් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් පවත්වන්නයි හදන්නේ. ඇයි ඒවැන්නකට උපන්දිනය දවසේ සිත යොමු කරන්න අදහස් කළේ?

සාමාන්‍යයෙන් උපන් දින සාදයක් පවත්වා යහළු මිත‍්‍රයෝ එක්ක එකතුවෙලා කනවා බොනවා කියනවාට වඩා කලාකරුවකුගේ නිර්මාණ දායකත්වයක් රසික රසිකාවියනට දෙනවා කියන එකම ඒක අතකින් යුතුකමක්. අනෙක් එක අවුරුදු 75 වසරක් ආයු කාලය වළදලා වුණත් ගීත ගැයීමේ හැකියාව, කුසලතාව තවම මට තිබෙනවා නම් ඇයි මම මැළිවෙන්නේ? ඒ නිසා මම බැලූවේ මෙවැනි ප‍්‍රසංගයක් කරලා අපි තවම නිර්මාණයේ හා ශිල්පීය ජීවිතයේ ඉන්නවා කියලා පෙන්වන්නයි. එය එක් කාරණයක්.

6අනෙක් කාරණය තමයි බොහෝ දෙනෙක් මගේ ‘‘ස’’ ප‍්‍රසංගය 2012 දී පැවැත්වූවාට පස්සේ එයට අප‍්‍රසාදය පළකරලා තිබුණා. මොකද මට දිගින් දිගටම එය ගෙනියන්න පුළුවන්කම තිබෙද්දී තමයි මම එය නැවැත්වූයේ. බොහෝ දෙනෙක් ‘‘ඇයි අපරාදේ ඒක නැවැත්තුවේ. ඊළඟ පරපුරට අපට පෙන්වන්න දෙයක් නැහැ’’ කියලයි. පොඩි දොෂාරෝපණ විදිහේ ප‍්‍රකාශ කළා. ඉතිං ඒක නිසා ඒක පුද්ගල ප‍්‍රසංගයක් දිගින් දිගටම කරන්න නොවුණත් 75 උපන්දිනය සැමරීම වෙනුවෙන් ‘‘වජු ප‍්‍රභා’’ ඒක පුද්ගල ගී ප‍්‍රසංගය යුතුකමක් විදියට තමයි කරන්නේ.

ඔබේ ‘ස’ ප‍්‍රසංගය නවත්වා දැමීමෙන් පසු ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් යළි ඔබගෙන් දැකගන්නට ලැබෙන්නේ මේ ‘වජ‍්‍ර ප‍්‍රභා’ ප‍්‍රසංගයෙන්. මෙයින් පෙන්නුම් කරන්නේ ඔබ නැවත ඒක පුද්ගල ගී ප‍්‍රසංගයකට යන බවක්ද?

නෑ. දිගින් දිගටම කොහොමටවත් කරන්න බලාපොරොත්තුවක් නෑ. කාගේවත් ඉල්ලූම තිබුණත් කොහොමටවත් කරන්නේ නෑ. මොකද මම ඒක පුද්ගල ප‍්‍රසංග කලාවෙන් අයින් වුණා. ඉතිං අයින් වුණාට පස්සේ මෙය ඒ අඩුව සම්පූර්ණ කරන්න නැවතත් අධික වාර ගණනක් කරන ප‍්‍රසංගයක් නොවෙයි. මේ උපන් දිනය වෙනුවෙන් කරන විශේෂ ප‍්‍රසංගයක් පමණයි.

ඔබට අවුරුදු 75ක් සපිරෙද්දී, ඔබගේ සංගීත ශිල්පීය දිවියට වසර 53ක් සපිරෙනවා. මේ ඔබේ ගී මඟ දෙස ආපසු හැරී බලද්දී ඔබට අද මොකද හිතෙන්නේ?

ඇත්තෙන්ම ඉතාම සතුට දනවන අතීතයකට තමයි මම ආපසු හැරී බැලීමේදී යන්නේ. මොකද හේතුව මගේ නිර්මාණ කරමින් මගේ ජනප‍්‍රියත්වය, කීර්තිය දිස්නය, ශිල්පය, ආලෝකය විතරක් හදාගත්ත කෙනෙක් නොවන නිසයි මම. රුක්මණී දේවිගෙන් පටන් ගත්තොත් මොහිදින් බෙග්, ලතා වල්පොල, පණ්ඩිත් අමරදේව, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා, ජෝතිපාල, මේ ශිල්පීය නාමලේඛනයේ අන්තිමට උරේෂා රවිහාරි වැනි නවක ශිල්පිනිය දක්වාම මම මගේ නිර්මාණ දායකත්වය කරලා තිබෙනවා. විශේෂයෙන් කිව යුතුයි. අබේවර්ධන බාලසූරිය කියන ශිල්පියාට විතරක් ගීත 63ක් තනු නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා විශේෂ සතුටක් දැනෙනවා ආපසු හැරලා බලනවිට මගේ ශිල්පීය ජීවිතය දිහා. මෙහෙම සතුට දනවන අතීතයක් දිහා බලන්න පුළුවන් ශිල්පියෝ හරිම විරලයි. හරිම දුර්ලබයි. නමුත් මා හිතනවා, මට ඒ සැනසීම ලබන්න පුළුවන් කියලා.

ඔබ පිළිබඳව සතුටු වූවත්, ඒ ගත වූ කාල පරිච්ජේදය තුළ සංගීත ක්ෂේත‍්‍රයට වූ සන්තෑසිය පිළිබඳව සතුටුවෙන්න බැහැ නේද?

සහතිකයෙන්ම, අතළොස්සක් වූ නිර්මාණකරුවෝ විශාල වශයෙන් ඔවුන්ගේ දායකත්වය සංගීත ක්ෂේත‍්‍රයට දෙමින්, ඔවුන්ගේ නිර්මාණ ජනතාකරණය කරමින් හුඟාක් මහන්සි වුණා. නමුත් මම හිතන4වා, අපේ කොදෙව්වට, අපේ දිවයිනට අසීමිත විදිහට බලපෑවා කියලා. සංගීතය, ගීතය කියන එකේ පරිහානියට එෆ්.එම්. නාලිකා බහුතරයක් බිහි වීම සහ අපේ රටට උචිත නොවන විදිහේ රූපවාහිනී නාලිකා බිහිවීම. මේවා එකා පරයා එකා ඔවුන්ගේ ජනප‍්‍රිත්වය නැත්තම් ඔවුන්ගේ ප‍්‍රසිද්ධිය කතා කරන දේවල් බහුතරයක් බොහොම දුර්වල තත්ත්වයේ. ඒවා එන්න එන්නම පරිහානියට යන තත්ත්වයේ තමයි තිබෙන්නේ.බොහෝ නිවේදක නිවේදිකාවන් පවා නිවැරැුදි සිංහල බස කතා කරන්නටත් බැරි තත්ත්වයක් අපි දකින්නේ. ඉතිං ගීතය හා සංගීතයේ උන්නතියක් දකින්න පුළුවන්ද?

විශාල පිරිහීමක් තමයි අපි දකින්නේ. මේක හරිම කනගාටුදායක කාරණයක්. මොකද රටකට අවශ්‍ය නොවන විදිහේ සංඛ්‍යාත්මකව බැලූවාහම මේ නාලිකා බිහිවීම තුළ යහපත් දේ වැළලෙමින් අයහපත් දේ මතුවෙනවා කියන එක තමයි අපට දකින්න තිබෙන්නේ. ඇවිත් තිබෙන්නේ ඒ යුගයටයි.

ඔබ මේ විද්‍යුත් නාලිකාවල ඇසෙන දකින මේ අර්ථ ශුන්‍ය ගීත කලාව ගැන වරින් වර දෝෂාරෝපණ එල්ල කළා. නමුත් ඒවා හරියට බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ වැඩක් නේද?

7ඇත්ත වශයෙන්ම ඒ උදාහරණය හරියටම හරි. මොකද රටක පාලනතන්ත‍්‍රය මේවාට අවධානය දිය යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. මොකද සෑහෙන්න බලපානවා. මාධ්‍ය කියන එකෙන් හැංගෙන්නවත්, එහෙමත් නැත්නම් මාධ්‍යයට තිබෙන අනුගතවීම හා ආසාව කියන එකෙන් ළමා පරපුර හෝ තරුණ පරපුර අපට ඈත්කරගන්නත විදිහක් නෑ. මොකද ඒ අය රූපවාහිනිය නරඹනවා. ගුවන් විදුලි නාලිකා අසනවා. ඊට අමතරව වෙබ් අඩවි, ෆේස් බුක් වැනි එක එක දේවල් පරිගණකය හරහා අහන්න දකින්න පුරුදු වෙලා ඉන්නවා.

රටක සංස්කෘතික දෙපාර්තමේන්තුවක් තිබෙනවා නම්, සංස්කෘතික රැුකීමේ අයිතිය ඒ් අයට තිබෙනවා. ඒ අයගේ යුතුකම වෙන්නේ ඒකයි. රටේ සභ්‍යත්වය, හැදියාව ගැන ඒ අය බලන්න  ඕනේ. රූපවාහිනී නාලිකා වේවා, එෆ්.එම්. නාලිකා වේවා, ඒවායේ ප‍්‍රචාරය වෙන දේවලට කිසියම් ප‍්‍රමිතියක් පනවන්න  ඕනේ. ඉතිං එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. අපේ යුගයේ සිටිය රසික රසිකාවියෝ දිහා බලපුවාම, මගේ වේවා මට වඩා ප‍්‍රවීණ පණ්ඩිත් අමරදේවයන්ගේ, විශාරද නන්දා මාලිනියගේ වේවා, මේ වගේ ශිල්පි ශිල්පිනියන්ගේ ගීතවල කාව්‍යමය පැත්ත, සාහිත්‍යමය පැත්ත කටපාඩමෙන් පවා දන්නවා.

දැන් අමරදේවයන්ගේ ‘‘සසර වසනතුරු’’ ගීතය බාල, මහලූ, තරුණ කියන සියලූම දෙනා ඒ යුගයේ හිටිය අයට අදටත් කටපාඩමෙන් කියන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. මොකද ඒවායේ කාව්‍යමය, භාෂාමය, සාහිත්‍යමය ගුණාංග තිබුණු හින්දයි. නමුත් අද ගීතවල මොනවද තිබෙන්නේ?

තරුණ තරුණියන්ගෙන් අද ඇහුවත්, ඒ අයවත් දන්නේ නෑ. ඉතිං ඒ නිසා හුදු ඝෝෂාකාරී වින්දනයක් ලබනවා මිස කිසි භාෂාව හෝ සාහිත්‍ය හෝ ගේය පද රචනාවේ තිබෙන අරුත් බර බවක් නෑ. මේවා විඳිනවා කියන්න බැහැ. ඇත්තෙන්ම ඔබ කියූ දේ හරියට හරි. පාලකයෝ මේවා ගැන අවධානගත වෙලා මේවාට නිසි ප‍්‍රමිතීන් පනවලා ඒ ඒ නාලිකාවලට යම් නීති මාලාවක් දැමිය යුතුයි. නාලිකාවල ලයිසන් එකෙන් මූල්‍යමය පැත්ත සාර්ථක කරගෙන සහතිකය දීලා විතරක් වැඩක් නෑ. ඒවාට ප‍්‍රමිතියක් ලබාදී, ඒ ගැන නිසි අවධානයෙන් කටයුතු කළ යුතුයි එහෙම අවබෝධයක් මේ පාලකයන්ට ඇත්තෙන් නෑ. ඒකයි කනගාටුව.

ඔබ වැනි ප‍්‍රවීණ ශිල්පීන්ගෙන් මේ පිළිබඳව රජය හෝ අදාළ බලධාරීන් හෝ විමසීමක්වත් කරලා නැද්ද? ඔවුන් ඔබලාගේ උපදෙස් ගන්නේ නැද්ද?

සහතිකයෙන්ම නෑ. අපි බලහත්කාරයෙන් වගේ දේශනයක් කරන වෙලාවක හෝ දේශපාලකයෙක්, ඇමතිවරයෙක් හමුවුණ වෙලාවක මේ දේවල් කියනවා. ඒ අයට කිසි කැක්කුමක් නෑ. කලාකාරයෝ රැුස් කරලා. අපි මේ පිළිබඳ කරුණු විමසන්න  ඕනේ කියලා. එහෙම එකක් කෙරෙන්නේ නෑ. ඔවුන්ට අපේ අදහස් වැඩක් නැතුව ඇති.

අද වන විට යළි සුභාවිත ගීතය යම් පණක් ඇවිදින් තිබෙන බවක් පෙනෙනවා. මේ නිසා ප‍්‍රවීණ ශිල්පීන්ගේ ප‍්‍රසංග නිතරම දකින්න තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොයි ආකාරයටද?

මොනතරම් සුභාවිත ගීතයේ යහපත් පැත්ත, ගුණාත්මක පැත්ත, රසවත් පැත්ත යටවෙමින් තිබුණත්, මා හිතන්නේ සෑහෙන පිරිසක් ඒවා විඳින ලෝලියෝ වශයෙන් තරමක ප‍්‍රතිශතයක් ඉන්නා බවයි. ඒක නිසා ඒ අය විශේෂයෙන් ගෘහස්ථ ප‍්‍රසංගයක දී විශාල පිරිසක් එක්රොක්වෙන බව අප දකිනවා. නමුත් වැඩි වශයෙන් දකින්න ලැබෙ3න්නේ යහපත් පැත්ත නොවෙයි.

එදා ගුවන් විදුලිය කිසියම් අධ්‍යාපනික වටිනාකමක තිබුණා. අපට හොඳ දෙයක් මිස නරක දෙයක් ප‍්‍රචාරය වුණේ නෑ. ඒ නිසා අද වගේ සෑම දහ ජරාවක්ම ප‍්‍රචාරය කරන්න එදා ඉඩ දුන්නේ නෑ. හොඳ ගීත රසවිඳින පිරිසක් ඉන්නවා. ඒ පිරිසේ අඩුවක් නෑ. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම මේ ගීත කලාව රැුකිලා තිබෙන්නෙත්. අද තාක්‍ෂණය ඔස්සේ ‘පෙන්ඩ‍්‍රයිව්’ නමැති කුඩා කෑල්ලක ගීත සිය ගණනක් අන්තර්ගත කරනවා. ඉතිං ඒ අනුව විඳින්න කැමති ගීත ඔවුන් ඒවාට භාගත කරගෙන පෞද්ගලිකව නිවෙස්වල අසනවා. සමහර නිවෙස්වල බහ තෝරලත් නැති කුඩා ළමයි මගේ ගීත ගයනවා. ඒ අයට පාඩම් මොකද ගෙදර වැඩිහිටියෝ ඒ රසයේ ඉන්න හින්දයි. ඒ ළමයි වින්දනයට පුරුදුවෙලා. කටපාඩමේම කියනවා. එහෙම තත්ත්වයකුත් තිබෙනවා.

වින්දනාත්මක දේට හුරුවූ පිරිස් තවම ඉන්නවා. නමුත් මාධ්‍ය දෙස බැලූවිට දී, මෙය නැති කර දැමීමේ කලාවක් තමයි ඔවුන් අත තිබෙන්නේ. එදා 1964 දී මම සංගීත දිවියට පිවිසෙද්දී, අපට හිතුමතේ ගීත ප‍්‍රචාරය කරගන්න කියලා ගීත ගයන්න බැහැ. ඒ ගීත අධීක්‍ෂණය කරන මණ්ඩලයක් තිබුණා. ඔවුන්ගෙන් අනුමත වෙන්න  ඕනේ. මේ ගීත ප‍්‍රචාරය සඳහා සුදුසුයි කියලා. ජනතාව කියලා කියන්නේ වැඩිහිටි පිරිස විතරක් නොවෙයි. ළමා පරපුරක් තරුණ පුරපුරක් ඉන්නවා. ඒ සියලූ දෙනාටම උචිත ආකාරයේ නිවැරැුදි සුභාවිත ගීත ඉදිරිපත් කරන්න තමයි ඔවුන් එදා උත්සුක වුණේ. ඒ මේ ගීත කලාව පාරිශුද්ධ දෙයක් හැටියට ඔවුන් සැලකූ හින්දයි. එහි කිසියම් ශික්‍ෂණයක් ප‍්‍රමිතියක් තිබෙනවා. එය වාරණයක්මත් නොවෙයි.

ඔබගෙන් අලූත් ගීත අපට අද අහන්න ලැබෙන්නේ නෑ. ඒකට හේතුව ඔබ අලූත් ගීත කරලා නැති බවද? එහෙමත් නැත්නම් මාධ්‍යවලින් ඒ අලූත් ගීතවලට තැනක් නැතිවීමද?

ඕනෑම කට කැඩිච්ච කතාවක් දැන් කතා කරන්න පුළුවන්. සමහරු කරන කතා කොතරම් අසංවරද? අශීලාචාරද?

ඔය වගේ කතාකරන අයට කැමැති පිරිසකුත් අපේ රටෙ ඉන්නවා. ඒ නිසා තමයි හැමෝම දැන් ගෙදර කතා කරනවා. වගේ ගුවන් විදුලියේ කතාකරන්නේ. ඉතිං මේ අයට අපි අලූත් ගීත කළත්, ඒවා මොකටද කියලා හිතෙන එක පුදුමයක් නොවෙයි නේද?

ඔබගේ ප‍්‍රසංගය ගැන නැවත කතා කරමු. මේ ‘‘වජු ප‍්‍රභා’’ ප‍්‍රසංගයේ ඔබගේ නිලවෙබ්  අඩවියත්, ඔබගේ ගීත පිළිබඳව විමර්ශනය කරන කෘතියකුත් එළිදැක්වෙන බව ආරංචියි. ඒ ගැනත් කතා කළොත්.

5‘‘වික්ටර් ගී විමංසා’’ යනුවෙන් කෘතියේ දැනට  ඕස්ටේ‍්‍රිලියාවේ පදිංචි සිසිර දිසානායක කියලා කෙනෙක් තමයි එළිදක්වන්නේ. ඔහු ලංකාවේ සිටිද්දීත් ගීත කිහිපයක් රචනා කළ කෙනෙක්. ඔහු ඉංජිනේරුවරයෙක්. මෙය පර්යේෂණාත්මක ග‍්‍රන්ථයක් ලෙස හැඳින්වූවාට වරදක් නෑ. මගේ ගීතවල සංගීත භාවිතාව, ගායන ස්වභාවය, තනුවේ තිබෙන මිහිර හෝ අර්ථවත් බව, සංගීත භාණ්ඩ යොදාගැනීම වැනි බොහෝ තැන් විමර්ශනය කළ කෘතියක් ලෙසටයි එය මා දකින්නේ.

ඒ වගේම එදිනට මගේ www.victorrathnayake.lk නිල වෙබ් අඩවිය එළිදැක්වීමද සිදු කරනවා. අනෙක් එක තමයි ගීත 12 කින් යුත් ‘‘ඔබේ සිනා හැම තැනකම’’ නමින් සංයුක්ත තැටියක් එදින එළිදක්වනවා. අලූත්ම ගීත වගේම මගේ බොහෝ විට ගුවන් විදුලිවලින් නොඇසන පැරණි ගීතත් මෙයට ඇතුළත් කර තිබෙනවා. එම පැරැුණි ගීත CD හොි DVD තැටිවලට මා මීට පෙර ගායනා කරලා තිබුණේ නෑ. එම සංයුක්ත තැටියේ බහුතරයක් තිබෙන්නේ ඒ පැරැුණි ගීතයි. පැරැුණි චිත‍්‍රපට ගීතත් එයට ඇතුළත්.

ඔබ මීට පෙර ජයන්ත හා ලෙලූම් යන පුතුන් දෙදෙනා එක්ක ‘ත‍්‍රිමාණි’’ නමින් ප‍්‍රසංගයක් ඉදිරිපත් කළා. එයට මොකද වුණේ?

‘ත‍්‍රිමාණි’ නමින් ප‍්‍රසංගය කිහිපයක් අපි කළා. එහෙම ලොකුවට ගන්න තරම් ඉල්ලූමක් එයට ලැබුණේ නෑ. මොකද මගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් කරන්න කැමැති අය, ජයන්තගෙන් විමසද්දී මේ ප‍්‍රසංගය ගැන කිව්වාම සමහරු කැමැත්තෙන් කළා. අපි මහනුවර, අනුරාධපුර, ගාල්ල, කොළඹ වැනි නගර කිහිපයක ‘‘ත‍්‍රිමාණි’’ ප‍්‍රසංගය කළා. නමුත් බහුතර ඉල්ලීමක් නෑ. බොහෝ වෙලාවට පිටරටවල සිටින ශ්‍රී ලංකිකයින් තමයි වැඩි හරියක් මගේ ඒක පුද්ගල ප‍්‍රසංගයක් ඉල්ලන්නේ. ඔවුන්ට ඉතිං මම පැහැදිලි කරනවා. දැන් මම ඒක පුද්ගල ගී ප‍්‍රසංග කරන්නේ නැති බව.

Related posts

ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… සබකෝල සබන්බෝල

colombotoday

නිලියෙක් මාධ්‍යවේදියකුගේ කන පලලා

colombotoday

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

“රටක ඉතිහාසය විනාශ කරන්නේ ද්‍රෝහියෝ” – වීරවර්ණ සිනමා සිත්තම පෙබරවාරියේ තිරගත වේ

colombotoday

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday

අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව නැගූ සිංහලේ පොදු ජන අරගලයක සිනමාරූපකරණය ‘සක්කාරං’

colombotoday