Colombo Today Local News

“ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ” – ස්ටීව් හෑන්ක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණයට ගොදුරු වී ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.

ශ්‍රී ලංකාව ප්‍රථම වරට ණය ගෙවීම් පැහැර හැර ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

2022 වසරේ ජනවාරි 1 වන දා සිට මේ වන තෙක් ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ආසන්න වශයෙන් 50%කින් අවප්‍රමාණය වී ඇතැයි ඔහු පෙන්වා දී ඇත.

වැඩිදුරටත් ඔහු අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකය මරණයෙන් ගලවා ගැනීම සඳහා මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බව ය.

ශ්‍රී ලංකාවේ මහ බැංකුව අහෝසි නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ණය පවා කුණු කාණුවකට දැම්මා හා සමාන නිෂ්ඵල කාර්යයක් වන බව ඔහු මීට පෙර සඳහන් වස්ථාවක පැවසුවේ ය.

Related posts

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

colombotoday

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday

අයවැය බදු ඉවත්කර ගනු – බස් ගැමුනුත් වර්ජනයකට සැරසෙයි

colombotoday