Colombo Today Local News

මිනිස් ඝාතන චෝදනාවකට වරදකරැ වූ විත්තිකරුවෙකුට මහාධිකරණයෙන් මරණිය දන්ඩණය.

මිනිස් ඝාතන චෝදනාවකට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

මෙසේ දඬුවම් නියම වුණේ, කොළඹ -15, අලුත් මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.

2013 වසරේ දෙසැම්බර් මස 30 වෙනි දා මෝදර ප්‍රදේශයේදී කේ. ගාමිණී නැමැත්තෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

එම නඩුව දීර්ඝ ලෙස විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරු වෙත එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම විය.

Related posts

ඥනසාර හිමිට ඇප… වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

රාජපක්ෂ කාලෙ බිලියන හාරදාහක බැදුම්කර මගඩියක් වෙලා.. ජනපති කොමිසමක් පත්කර ඒ ගැන හොයනවා

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල යෝජනාව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. – විදේශ ඇමති

colombotoday

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday