Colombo Today Local News

කෙණෙහිලිකම්වලට එරෙහිව ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට විරෝධයේ…

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම ලංකාවට කරන කෙනෙහිලිකම් වලට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ විරොදතාවක් මාර්තු මස 18දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මේ සඳහා ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය මොනොකෝ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිනි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයෝ සහභාගී වූහ. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් මහත්මිය ඇතුලු කන්ඩායමක්ද විරෝධතාවට සහභාගී වීමට ලංකාවේ සිට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ වැරදි වාර්ථා පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015දී ඇමෙරිකාව විසින් සකස්කොට ඉදිරිපත් කල යෝජනාවකට කිසිදු අධ්‍යයනයකින් තොරව සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වත්මන් රජය විශාල වරදක් කොට ඇති බවයි. මේ නිසා යම් දිනක ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දී ඇති යෝජනාව පාදක කොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එහි නිශේධ බලය හිමි චීනය , රුසියාව වැනි රටවල්ද ලංකාවට සහායදීමට පසුබට වනු ඇති බව පැවසූ ආචාර්ය ගොඩහේවා තව දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රජය අන්තර්ජාතික බලවේග හමුවේ දීන ලෙස දන නමා පිලිගත් මෙම පදනම් විරහිත ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරණ බව ලෝකයට වටහා දීමේ වගකීම ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය බාරගෙන ඇති බවය.

එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ ජිනීවා යෝජනාවට ලංකා රජය සම අනුග්‍රාහකත්වය දුන් ආකාරයත්, එය විවාදයකින් තොරව සම්මත කල ආකාරයත් පිලිගත් ක්‍රමවේදයට පටහැනි නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එලඹීමට ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය තීරණය කර ඇති බවය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න පෙන්වා දුන්නේ වසර තුනකට පෙර ඉතාලියේ මෝදනා නුවරදී ආරම්බ වූ ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය අද රටවල් ගනනාවක පැතිර ඇති විශාල සංවිධානයක් බවට වර්ධනය වී අති බවය.විදෙස් බලවේග හමුවේ ජාතියට ඇති අභියෝග ජයගැනීමට ගෝලීය සංසදය සමග එක්වන මෙන් ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින්ට ඔහු ආරාධනය කලේය.

– චාමින්ද කරුණාරත්න ජිනීවා සිට

Related posts

මැති – ඇමතිවරු ජනතාව වෙනුවෙන් අයවැය අහපු හැටි මෙන්න (PHOTOS)

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

බේරුවලින් රාජිතට හොම්බන් යන්න වදී.. ජාතිවාදය අවුලවා ගොඩ යන්න බැරිවෙයි..

colombotoday

වෙසක්, නත්තල් සහ ජාතික නිදහස් දිනයන් දේශීය කර්මාන්ත ගොඩනැංවීමට යොදා ගැනීමේ සැලසුම්

colombotoday

වැලිමඩටත් විශේෂ ආරක්ෂාවක්.. රත්නපුරෙත් පොලිස් මුර සංචාර

colombotoday

රට රැකියා සිහින පෙන්නා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න අංකයක්… – ගෙවුණු මාස දෙකට 24ක් කොටු

Admin