Colombo Today Local News

ග්ලයිපොසෙට් හොදායි.. අධි විෂක් නෑ..! තහනම ඉවත් කරන යෝජනාව අද කැබිනට් හමුවට..!

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය අද(20) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඊයේ(19) අනුරාධපුරය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

මෙතෙක් කිසිදු පරීක්ෂණයක් තුළින් ග්ලයිෆොසෙට් සියයට සියයක් විෂ බවට හෝ එය ඍජුව වකුගඩු රෝග සඳහා බලපාන බවට ඔප්පු වී නොමැති බැවින් මෙම තීරණයට එළඹි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දියුණුවන රටවල් පවා මෙය පරිහරණය කරන බවත්, ග්ලයිෆොසෙට්වලට වඩා විෂ සහිත දේවල් ලංකාව තුළ ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. කෙසේ වෙතත් එහි ප්‍රමිතිය පිළිබඳ රජය නිරන්තරයෙන් අවධානය යොමු කරන බවත්, තේ කර්මාන්තයේ නියැලෙන පිරිස් මෙය නැවත පරිහරණයට ගැනීමට ඉල්ලිම් කළ බවත් පැවසු අමාත්‍යවරයා මෙය කිසි විටෙකත් දේශපාලනික තීන්දුවක් නොවන බව ද පැවසීය.

ග්ලයිපොසෙට් අධික විෂ රසායනික ද්‍රව්‍යක් ලෙස නම් කරමින් මෙරට තුළ භාවිතය හා ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ 2015 වසරේ මැයි 22 වනදාය.

කෙසේ වෙතත් ග්ලයිපොසෙට් හා විෂ රසායනික තහනම පිළිබදව විශාල වැඩ කොටසක් කළ අතුරලියේ රතන හිමියන් පසුගිය දා කියා සිටියේ වත්මන් ආණ්ඩුව කළ එකම හොද වැඩක් ඇත්නම් ඒ ග්ලයිපොසෙට් තහනම් කිරිම බවයි. ග්ලයිපොසෙට් තහනම් ඉවත් කිරීමට කටයුතු  කළොත් රජය පෙරළා දැමීමට කටයුතු කරන බවද එහිමියන් අනතුරු අගවා සිටියේය.

 

Related posts

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

නිට්ටෑ බිය ගලගේදරටත්. රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යති

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ජනපතිගෙන් ඉල්ලීමක් !

colombotoday

තෙල් බවුසර් හිමියන් ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

colombotoday