Colombo Today Local News

හම්පඩ නායකයෙක් වෙනුවට එජාපයට ඕන තරුණ නායකයෙක් – පානදුර එජාප සංවිධායක නන්දන ගුණතිලක

එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී ඇත්තේ හම්පඩ නායකත්වයක් නොව තරුණ නායකත්වයක් බව පානදුර නගර සභාවේ සභාපති පානදුර ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක නන්දන ගුණතිලක පවසයි.

ගුණතිලක මහතා එජාපයට පත්විය යුතු මහ ලේකම්වරයා ගැනද සඳහන් කරමින් කීවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ඇමැතිවරයෙක් නොවන බුද්ධිමත්, උගත්, ප්‍රායෝගික දැනුමක් ඇති ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි අයකු පත්කර ගත යුතු බවයි.

අප රටේ ජීවත් වන ජනතාව ගම් මට්ටමින් ආරක්ෂා කරගෙන ඔවුන්ට පොදු පහසුකම් ලබා දෙමින් ඉදිරියට යෑමට නම් එක්සත් ජාතික පක්ෂය හා නායකත්වයද සංශෝධනයකට ලක්කර ජනතාවගේ දුක සැප හඳුනන නායකත්වයක් ලබා දිය යුතු අවස්ථාව උදාවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ප්‍රතිපත්තිය මත තවදුරටත් ඉදිරියට යෑමට ඡන්දදායකයන්ගේ සහයෝගය නොලැබෙන බව ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවද නන්දන ගුණතිලක මහතා පැවැසීය.

ඔහු මෙම අදහස් පල කළේ පානදුර නගර සභාවට සහ පානදුර ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පත්වූ නවක මන්ත්‍රිවරුන් පානදුර තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේදී දිවුරුම් දුන් උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

Related posts

“රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති වගකිවයුතුයි”

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති

colombotoday

පක්‌ෂ නායකත්වයට නියම සුදුස්‌සා රවි කරුණානායක – හිටපු ඇමැති රත්තරන්(ක්‍රිෂාන්ත පුෂ්පකුමාර) කියයි

colombotoday

හින්දු කටයුතු ඇමති ලෙස මුස්ලිම් ජාතිකයෙක් පත්කිරීම් හින්දු ජාතියට කළ නිගාවක්

colombotoday

සිරිසඳ උයනෙන් කාන්තාවක් හෙරොයින් සමග කොටු වෙයි.

colombotoday