Colombo Today Local News

නිවසේදී මියගිහින් රෝහලට රැගෙන ආ මළ සිරුරක් අතුරුදන්

නිවසේදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොරෝනා පරීක්ෂාවක් සඳහා ඇල්පිටිය රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ ඌරගස්මංහදිය අටේ කණුව ප්‍රදේශයේ පදිංචි කේ.වී. ප්‍රේමතිලක නමැති 77 හැවිරිදි පුද්ගලයකුගේ මෘත දේහයකි.

කොවිඩ් පරීක්ෂාවේදී මියගිය පුද්ගලයාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුවීමෙන් අනතුරුව එය රෝහලේ සුළු සේවකයෙකු විසින් ඔහුගේ දියණියට භාරදී ඇති බව පොලීසිය පවසයි.

එහෙත් ඥාතීන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන්ට මෘත දේහය නොලැබුණු බවයි.

කෙසේ වෙතත් ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ එම මෘත දේහය මේ වනවිට නොමැති බව ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

Related posts

නිශාන්තට හා ලොහාන්ට පෙර අමාත්‍ය ධුර තවදුරටත්

colombotoday

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

colombotoday

මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගත්තා – ජනපතිට දැඩිලෙස දොශාරෝපණය කරමින් කරුගෙන් නිවේදනයක්

colombotoday

පා. මන්ත්‍රිනි රෝහිණි කවිරත්නටත් කොරෝනා

colombotoday

LTTE සැකකරුවන් දේශපාලන සිරකරුවන්ද? ‍දේශපාලන සිරකරුවන් යනු කවුද? – කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි

colombotoday