Colombo Today Local News

අගමැති ඉල්ලා අස්විය යුතු නම් සෙසු අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතුයි

අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවී විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන ඇතමුන් විශ්වාසභංගයට පෙර අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබෙනවා. එහෙත් අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ තමන් ඉල්ලා අස්වීමට හේතුවක් නොවන බවයි.

තමන් ඡන්දයකින් ජයගෙන අග‍්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති බවත් එලෙස ඉල්ලා අස්වන්නේ නම් සෙසු අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ. කුමන අදහස් පළ වුවද විශ්වාසභංගයට මුහුණදී එය ජය ගැනීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අදහස වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණ කළේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීද ඊට එක් වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍යවරයා ඉවත් වියයුතු බවයි.

Related posts

අම්පාරේ නිවසකින් මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී

colombotoday

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin

යාපනයේ තියුණු ආයුධ වලින් පහර දීමක් ආවා කල්ලියදැයි සැක

colombotoday

ශ්‍රී ලංකා පොලිසියේ බව පවසමින් ඉන්ටපොල් හැඳුනුම්පතක් ගන්න උත්සහකල මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday