Colombo Today Local News

ඝන සෙන්ටිමීටරයේ පටන් බදු අයකෙරෙන කාබන් බද්ද හෙට සිට ක්‍රියාත්මකයි

වාහන බලපත‍්‍ර අලූත් කිරීමේ ගාස්තුව හෙට (01) දිනයේ සිට ඉහළ දමමින් නව කාබන් බද්දඛ්ද ක‍්‍රියාත්මක කෙරේ.

රජය විසින් පනවා ඇති නව බදු ක‍්‍රමය අනුව වාහනයේ ධාරිතාව, ධාවන කාලය සලකමින් මෙම බද්ද අය කෙරෙයි.

එන්ජින් ධාරිතාව 1000cc ට අඩු වසර 5ට අඩු වාහන සදහා 1cc ශත 50 බද්දක් පනවා ඇත.

වසර 5-10ත් පරණ වාහනවල 1cc සදහා අය කරන බද්ද රුපියල් 1.00කි.

වසර 10කට වඩා පැරැණි නම් 1cc ට රුපියල් 1.50 බදු අය කරයි.

වසර 05ට අඩු මගී ප්‍රවාහන බස් රථ සදහා රුපියල් 1000ක්, වසර 5-10ත් අතර බස් රථ සදහා රු. 2000ක්, වසර 10ට වැඩි බස් රථ සදහා රු. 3000ක් වාර්ෂිකව අය කෙරෙයි.

පසුගිය අයවැයේදී කාබන් බද්ද ලෙස හදුන්වා දෙන ලද්දේ මෙම බද්දයි.

Related posts

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

colombotoday

දළදා පෙරහැරට අලි නෑ.. අත්අඩංගුවට ගත් අලි පෙරහැරට ඉල්ලා හීලෑ අලි ඇත් සංගමය සත්‍යග්‍රහයක

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

“සුසන්තිකාට, මාංලිගට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වූණා“ – රංජන්ගෙන් දයාසිරිට සැර ප්‍රහාරයක්

colombotoday

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට  කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද?

colombotoday

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

Admin