Colombo Today Local News

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි

මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීමේ දී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා විසින් උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දී තිබේ.

පාන් කැබැල්ලෙන් පහර දීමත් සමඟ අද (06)දින පැවති මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගැනීමත් සමඟ එය පාලනය කිරීමට සභාපති ටිරාජ් ලක්රුවන් මහතා සභාව විනාඩි පහකට කල් තැබීමටද කටයුතු කළේය.

ප්‍රසම්පාද ක්‍රියාවලියෙන් බැහැරව නගර සභාවේ උප සභාපතිවරයා වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා අදහස් දක්වමින් සිටියදී චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උප සභාපති සුනිල් පියරත්න මහතා අදහස් දැක්වීමට යාමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එහිදී නාගරික මන්ත්‍රීවරයා උප උපසභාපතිවරයාගේත්, උප සභාපතිවරයා නාගරික මන්ත්‍රීවරයාගේත් පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට චෝදනා කරමින් කරුණු දක්වන අතර තුරදී එක්වරම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් උප සභාපතිවරයාට පහර දුන්නේය.

එම අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීමට මන්ත්‍රීවරුන්ට මැදිහත්වීමට සිදුවුණි .

Related posts

කිව්.ආර්. වලින් පිට වැඩ කළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි

Admin

ඤාණසාර හිමි නිදහස් කිරීමේ නියෝගයට ජනපති අත්සන් තබයි…

colombotoday

බණ්ඩාර‍වෙල සංචාරක කලාපයේ ජෛව විවිධත්වය සුරකිමින් හරිත පුරවරයක් ගොඩනංවාලීම වෙනුවෙන් තුරුලිය පූජාව

colombotoday

කෝටි 4ක කුඩු සමග පාකිස්ථාන ජෝඩුවක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ප්‍රභූ රථපෙලට විරෝධය දැක්වූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday