World

ආගමික විශ්වාසයන් සිවිල් සමාජයට නොගැළපේ ! ප්‍රංශ අධිකරණය මුස්ලිම් කාන්තාවකගේ පුරවැසිභාවය අත්හිටුවයි

ආගමික හේතුන් මත ප්‍රංශ පුරවැසිභාවය ලබාදීමේ උත්සවයකදී රජයේ නිලධාරින්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ ඇල්ජීරියානු මුස්ලිම් ජාතික කාන්තාවකගේ පුරවැසිභාවය අත්හිටුවීමට එරට ඉහළ පරිපාලන අධිකරණයක් පසුගිය බ්‍රහස්පතින්දා (19) තීන්දු කර ඇත.

ප්‍රංශ සිවිල් සමාජය තුල ජීවත්වීමට ඇයගේ “ආගමික විශ්වාසයන්” නොගැලපෙන බවට එරට රජය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ. අදාළ කාන්තාව 2010 වසරේදී ප්‍රංශ ජාතිකයෙකු සමග විවාහවී ඇති අතර මෙය බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක් ලෙසට ඇය අධිකරණයට කරුණු දක්වා ඇත.

කෙසේවෙතත් එරට රජය බලය අනිසි ලෙස යොදා නොමැති බවට අභියාචනයේදී තීන්දු වී ඇත.

Related posts

හමාස් යලිත් ඉල්ලගෙන කයි. ඊශ්‍රායලයට ගිනිගන්නා බැලුන් යවයි. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර

colombotoday

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

Admin

ඇෆ්ගනිස්තානයට ලබාදෙන අරමුදල් නවතයි

colombotoday

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත් සුඩානයේ ගිනි අවි ගබඩාවකට ප්‍රහාරයක්

Admin

සුඩානයේ කාර්ටුම් අගනුවරට ගුවන් ප්‍රහාරයක් – කුඩා දරුවන් ඇතුළු 20ක් මරුට

Admin

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

colombotoday