Colombo Today Local News

අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…

පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා පවසයි.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරිය හැකි බව ද නැතිනම් නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැකි බව ද ඔහු පැවැසුවේය.

අගමැතිවරයා සම්බන්ධ දෙවැනි පරීක්‍ෂණයකට එළැඹීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇතැයි ද පවතින වාතාවරණය යටතේ ජනාධිපතිවරයා නව සැසිවාරයේදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇත්තේ විශ්වාසය පළ කළ නොහැකි තත්ත්වයක් බව ද හෙතෙම පැවැසීය.

කෙසේ වෙතත් මේ වන විට එ.ජා.ප.යේ ප්‍රතිසංවිධාන කටයුතුවල පවතින ගැටලු හේතුවෙන් එම පක්‍ෂය ඇතුළත කැලඹීමක් පවතින බවත් ආණ්ඩුවේම කොටසක් විපක්‍ෂයේ අසුන් ගැනීම වැනි මතභේදාත්මක තත්ත්වයන් හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව ඡන්දයකට යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව ද ඔහු පැහැදිලි කළේය.

එවැනි අවස්ථාවකදී රහස් ඡන්දයකට යෑමේ පූර්වාදර්ශ පවතින බවත් 1960 මාර්තුවේදී රාජාසන කතාව පරාජය වීම එම පූර්වාදර්ශයන්ගෙන් එකක් බවත් ප්‍රතිභා මහනාම මහතා සිහිපත් කළේය.

එසේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීම යනු ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ ගැටලුවක් වන හෙයින් අගමැති ධුරය හිස්වන අවස්ථා දැක්වෙන, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46 (2) ආ හි පවතින වෙනත් කාරණයකදී යන වගන්තිය උපයෝගි කර ගනිමින් ජනාධිපතිවරයාට උක්ත කටයුත්ත සිදුකළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

Related posts

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

එජාප නව තනතුරුවට කෘත්‍යාධිකාරියේ අනුමැතිය.. විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨයා ඉවත්වෙයි…

colombotoday

පෙඩරල් වෙනුවෙන් පෙනී සිටි JC වැලිඅමුනට ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් තනතුර ?

colombotoday

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

colombotoday