Colombo Today Local News

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

තමන් විසින් ක්‍රියාත්මක කරන උපකාරක පන්තියට පැමිණෙන්නැයි බල කරමින් පාසලේ දී සිසුන්ට සහ මාපියන්ට විවිධ බලපෑම් සිදු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන්ම පහ වසර ශිෂ්‍යත්ව ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන අමතර ඉගැන්වීම් පන්ති සඳහා දරුවන් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් ගුරුවරුන් විසින් සිදුකරන බලපෑම් පිළිබඳව ඇතැම් මාපියන් තමා වෙත පුද්ගලිකවම තොරතුරු ලබා දී ඇති බව ද පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා තත්ත්වය වහා නතර කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කළේය.

ඒ අධ්‍යාපන අමාත්‍යංශ්‍යයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමිනි.

ඇතැම් ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන උපකාරක පන්ති වලට සහභාගි නොවන දරුවන්ට අදාළ ගුරුවරුන් විසින් පාසලේදී නොයෙක් ආකාරයේ හිරිහැර සිදු කරන බවටද පැමිණිලි ලැබී ඇතැයි නිලධාරීන් ද එහිදී පෙන්වා දෙන ලදි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති 1988 ක්ෂණික දුරකථන අංකය හරහා ද මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසත් එවැනි කටයුතු සිදු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් වහා විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව පාසල් කාලය තුළ පාසල් දරුවන් සහභාගී කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Related posts

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin

අන්තරේ කැඳවුම්කරු සහ ජපුර සභාපති ඇතුළු පහක් අත්අඩංගුවට

colombotoday

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

colombotoday

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගන්න, විශේෂඥ සහය

colombotoday

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

colombotoday