Colombo Today Local NewsTop Stories

සිංගප්පූරුව සමග රටට අවාසි ගිවිසුමක් ගහලා.. ආර්ථිකය වනසන ඇමති ඉවත් කරන්නැයි ඉල්ලයි

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක නිදහස් වෙළඳ ගිවිසුමකට සිංගප්පුරුව සමඟ එළැඹී ඇති බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අනාවරණය කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ ගිවිසුම අධ්‍යනය කිරීමෙන් පසුව එම අහිතකර තත්ත්වය රටට ලබා දුන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරිය තනතුරුවලින් ඉවත් කළ යුතු බවයි

එම නිවේදනය,

මාධ්‍ය නිවේදනය

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරිය තනතුරුවලින් එවත් කළ යුතුයි. 

වෙළඳ ගිවිසුම් සඳහා සාකච්ඡා කණ්ඩායම විසුරුවා හැරිය යුතුයි.

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක නිදහස් වෙළඳ ගිවිසුමකට සිංගප්පුරුව සමඟ එළැඹී ඇත.

මෙම ගිවිසුමේ අන්තර්ගතයට සහ ගිවිසුමට එළැබීම සඳහා අනුගමනය කළ ක්‍රියාදාමය පිළිබඳවද කිසිදු දේශපාලන පක්ෂයකට සබධතාවයක් නැති පළල්ම වෘත්ති‍ය සමිති සහ වෘත්තීය සංවිධාන එකමුතුව වන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු. මෙම ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණවලින් කිහිපයක් අපි පහත දක්වා ඇත. ඒ නිරීක්ෂණ මත පදනම්ව මෙම ඉල්ලීම් හතර රජය වෙත ඉදිරිපත් කර එය මහජනයා හමුවේ තබන්නෙමු.

  1. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය ගරු අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාගෙන් ඉවත් කර වෙනත් ඇමතිවරයෙකු වෙත පවරා දී  ඉදිරි කටයුතු ජාතික අභිලාෂයන්ට අනුව සිදුවන බව තවුරු කර ගැනීම
  2. ඉහත සඳහන් සියලූ ක‍්‍රියාදාමයන් සඳහා වගකිවයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය එම තනතුරින් පහකිරීම.
  3. දූෂිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ඉන්දු- ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සඳහා වන ශ‍්‍රී ලංකා සාකච්ඡුා කණ්ඩායම විසුරුවා හැරීම.
  4. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය සහ ජනතාව නොමඟ යවා අත්සන් කරන අද සිංගප්පුරු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා අනුමැතිය දීමෙන් වැළකී සිටීම.

සිංගප්පුරු ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව නිරීක්ෂණ:

  1. මෙම ගිවිසුම මගින් සිංගප්පූරුවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක බදු මුදලක්‌ ඉතිරි වන බව සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශයක සඳහන් විය. එහි අර්ථය වන්නේ, සිංගප්පූරු භාණ්‌ඩ සඳහා ආනයනික බදු වශයෙන් ලංකාවට ලැබෙන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 1500 ක බදු ආදායමක්‌ වාර්ෂිකව මෙම ගිවිසුම නිසා ශ්‍රී ලංකා රජයට අහිමි වූ බවයි. ආනයනික බදු අඩු කර ඒ වෙනුවට දේශීය ව්‍යවසායකයා මත නව බදු පැනවීමට ක්‍රියා කිරීම මඟින් දේශීය ව්‍යවසායකයා දුර්වල වේ.
  2. ශ‍්‍රී ලංකාව සඳහා සිංගප්පූරුව විසින් බදු සහන ලබා දුන් භාණ්ඩවලින් 99% ක්ම මෙම ගිවිසුම නොපැවතියද, ශ‍්‍රී ලංකාව ඇතුලූ ලොව  ඕනෑම රටක් සඳහා සිංගප්පූරුවේදී ආනයන බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩම යළි ඇතුලත් කිරීම මඟින් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය සහ මෙරට ජනතාව බරපතල රැවටීමකට ලක් කිර ඇත. ඒ නිසා ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා මෙම ගිවිසුම නිසා කිසිදු බදු නිදහස් වීමක් අලුතෙන් ලැබී නැත බදු නිදහස් වීම ලැබී ඇත්තේ ලංකාවට සිංගප්පුරුවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා පමණි.
  3. සිංගප්පූරු ගිවිසුම මඟින් වෙනත් රටවල නිපදවෙන භාණ්ඩද, ආනියනික බදු අවම  සිංගප්පූරුව හරහා ලංකාවට ආනයනික බදු රහිතවම ඇතුලූ වීමට විශාල ඉඩකඩක් නිර්මාණය කරදීම මඟින් දේශීය නිෂ්පාදකයා විනාශ කර දැමීමට ක්‍රියා කිරීම.
  4. සේවා අංශයන්ගේ කිසිදු අදහස් විමසිමක් සිදු නොකට ලංකාවේ සියලුම සේවා අංශයන් මෙම ගිවිසුම මඟින් විවෘත්ත කර තිබීම.
  5. එසේම, වෘත්තිකයන් ලෙස සිංගප්පූරු පුරවැසියන්ට පමණක් නොව සිංගප්පූරුවේ ස්ථිර පදිංචි කරුවන් වන වෙනත් රට වැසියන්ටද සිංගප්පුරු වෙළඳ ගිවිසුම හරහා ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ සලසා තිබීම.

මෙම ගිවිසුම සඳහා වූ ක්‍රියාදාමය මුලිමනින්ම අත්තනෝමතික එකකි.

  1. ලොව පිළිගත් නිර්දේශයන් නොතකා හරිමින් දැනට සාකච්ඡා පවත්වන කිසිදු වෙළඳ ගිවිසුමක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කර නොමැති වීම සහ එසේ සිදු කළා යයි බොරු කීම.
  2.  පාර්ශව කරුවන්ගෙන් අදහස් නොවිමසීම. මේ සඳහා කිසිදු වෘත්තීයවේදීන්ගේ සංධානයක අදහස් ලබා ගැනීමට කටයුතු කර නැත. එසේ අදහස් ලබා ගත්තා යැයි බොරුකීම සහ එම අදහස් ලබා ගත්තේ කුමන සංවිධානයෙන්ද යන්න පැවසීමට අමාත්‍යාංශය අසමත් වීම.
  3. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශයේ ප‍්‍රධාන කටයුතු හැසිරවීමේ වගකීම ඇමරිකානු ජාතිකයන් තුන්දෙනෙකුට (වැටුප් ගෙවා) පැවරීම හරහා ජාතික අභිලාෂයන්ට පටහැනිව ක‍්‍රියාකරමින් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමද  විදේශීය බලපෑම්වලට සෘජුවම යටත් කරවීමට කටයුතු කිරීම.
  4.  ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය ( Joint Apparel Association Forum) වෙත ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟින් වාසි ලබා ගන්නා ආකාරය පිළිබඳව උපදේශකයෙකු ලෙස සේවය සපයා මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු වන කේ. ජේ වීරසිංහ මහතා  සිංගප්පූරු ගිවිසුම සහ එට්කා ඇතුලූ ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ‍්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කිරීම මඟින් අල්ලස් ලබා ගැනීම හා සමාන ක‍්‍රියාවකට අනුබල දීම සහ ඒ හරහා අනෙකුත් දේශීය කර්මාන්තවලට පාඩු සිදු වන ආකාරයේ තීන්දු සඳහා දායක වීම.
  5. නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී  ඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා  ASEAN සංගමයේ සාමාජික රටවලට ශ‍්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. මෙම පුද්ගලයා ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ‍්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කර ඇත. ඊට අමතරව ශ‍්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීමද මොහුට පවරා ඇත. ඒ මඟින් ශ‍්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක් නිර්මාණය කරමින් ඔහු සේවය කරන වෙනත් රටවලට අවශ්‍ය ආකාරයට ශ‍්‍රී ලංකාවේ ආනයනය වර්ධනය කිරීමට අවස්ථාවක් ඔහුට නිර්මාණය කරදී ඇත.
  6. ඉහත කී ආචාර්ය රවී රත්නායක නමැති නවසීලන්ත පුරවැසියාට ශ‍්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සකස් කිරීමද භාරදීමට ක‍්‍රියා කිරීම සහ දේශීය ව්‍යාපාර වසා දමා ආනයන දිරිගන්වන ප‍්‍රතිපත්තියක් සකස් කරමින් ඔහු උපදේශකයෙකු ලෙස මුදල් ලබා ගන්නා ආයතනයන්ට අවශ්‍ය පරිදි ශ‍්‍රී ලංකාවේ වෙළඳ ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට අනුබල දීම සහ එම ව්‍යාජ වෙළඳ ප‍්‍රතිපත්තියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ගරු ජනාධිපතිවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම.
  7. සිංගප්පුරු වෙළඳ ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ශ‍්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයන් කිහිපදෙනෙකු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයන් වෙතින් පුහුණුවක් ලබා ගැනීම සඳහා සිංගප්පුරුව වෙත යැවීම මගින් ශ‍්‍රී ලංකා සාකච්ඡුා කණ්ඩායමේ නොහැකියාව සහ අඩුපාඩු සිංගප්පුරු සාකච්ඡුා කණ්ඩායම වෙත නිරාවෘත්ත කිරීම සහ ඒ මඟින් ශ‍්‍රී ලංකාවට ඉතාම අවාසිදායක ගිවිසුමක් සිංගප්පුරුව සමඟ ඇති කරගැනීමට කටයුතු සිදු කිරීම.
  8. මෙවැනි පුලුල් ගිවිසුමකට  සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම ලංකාව තුළ සකස් කළ යුතු නීති පද්ධතියේ වෙනස්කම් නොසළකා හැරිම.
  9. මෙවැනි ගිවිසුම් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට පෙර සකස් කළ යුතු වෘත්තිකයන් ලියාපදිංකි කිරීමේ සහ නියාමනය කිරීමේ ක්‍රමවේදයන් මෙරට තුළ ස්ථාපිත කිරීම මඟ හැරීම.

ඉහත දැක්වූ කරුණු අනුව මෙම අමාත්‍යාංශය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට හානිදායක අයුරින් ක‍්‍රියාකර ඇත. එසේම වර්තාමානයේ සිදු කරගෙන යන කාර්යයන්ද ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා නරක ආකාරයෙන් බලපානු ඇත. ජාතික අහිලාෂයන්ට පටහැණිව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් සිදු කරගෙන යන ක‍්‍රියාදාමයන් නතර කිරීම සඳහා ඉහත සඳහන් කළ ක්‍රියාමාර්ග ගතයුතු බව අපි ශ්‍රී ලංකා රජය හමුවේ අවධාරණය කර සිටින්නෙමු. එසේ නොමැති වුවහොත් වරතමාන සහ අනාගත පරම්පරාවල සුභසිද්ධිය උදෙසා ඒවා ඉටු කරවා ගැනීම සඳහා අවශ්‍යවන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නට සිදු වන බවද අවධාරණය කරන්නෙමු.

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව ගැන රන්ජන් කල් තියා කියයි.. කට පරිස්සම් කරගන්නැයි රනිල් දැනුම් දෙයි…

colombotoday

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

Admin

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday

සිවුරු, අදනකඩ, හමුදා ඇදුම් සමග මුස්ලිම් දෙදෙනෙක් වැලිමඩින් අල්ලයි…

colombotoday

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනම් වැඩපිලිවෙලක්

colombotoday