
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර විතානගේ මහතා පැවසුවේ, ආර්ථීක මධ්‍යස්ථානය ආශ්‍රිතව කරන ලද අහඹු පරීක්ෂාවකින් එම ආසාදිතයින් හඳුනා ගත් බවයි.
ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු පරීක්ෂාවට ලක්කර ඇති පිරිස 200 කි.
හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් තිදෙනා ගලහ, එප්පාවල සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් බැවින් ඔවුන් පැමිණි බව කියන වෙළෙඳසැල් 3 ක් වසා දැමීමට පියවර ගත් බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ , ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com