Colombo Today Local News

වැසිකිළි වාරයකට වට්ටක්කා කිලෝ 4යි.. පොහොර සහනයත් මුලාවක්.. එළවලු ගොවියාගේ ඛේදවාචකය මෙන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන් එන ගොවීන්ට තම ශාරීරික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යන වියදම සොයා ගැනීමට තමන් රැගෙන එන වට්ටක්කා හෝ තක්කාලි කිලෝ හතරක් පහක් විකිනීමට සිදුව ඇතැයිද, ගොවි නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව ගොවියා අන්ත අසරණ තත්වයට ඇදවැටී ඇති බවත්, රජයේ සහන මිලට පොහොර මිලදී ගැනීමට නොහැකිව වෙළඳපොළේ පොහොර හිගයක් නිර්මනයවී ඇතැයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (24) වෙනි දින දඹුල්ලේදී පැවසීය.

දඹුල්ල සියපත හෝටලයේ කැදවා තිබු මාධ්‍ය හමුවකදී නාමල් කරුණාරත්න මහතා මේ බව ප්‍රකශ කළේය. එම මාධ්‍ය හමුවට එම ගොවිජන සම්මේලනයේ ලේකම් ටි.බී. සරත්, ජාතික කමිටු සමජිකයින්වන සුනිල් රණවීර, සංජීව කරුණා සාගර හා දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ ලේකම් ආර්.එම්. තිලකරත්න යන මහත්වරු එක්ව සිටියහ.

“නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීමට නොහැකිව ගොවි ජනතාව සරණ වෙලා. වගාවන් සදහා ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරන්න සිදුවෙලා. ඒ මදිවට ගොවි නිෂ්පාදන සඳහා මිලක් නොමැතිව විකුණගන්න බැරිවෙලා. බොහෝ ගොවින් අස්වනු අත්හැරලා දාල.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් එළවලු රැගෙන එන්නේ උදේ පාන්දරම, කඩිනමින් එක අලෙවි කරලා යන්න, නමුත් ගොවියාට මේ දිනවල තම නිෂ්පාදන අලෙවි කරගන්න බොහෝ වෙලාවක් ඇතැම් විට පැය 7-8 කට වැඩිය ඉන්න සිදුවෙලා. ආර්ථිකයේ වැසිකිලි යන්න එකපාරට රුපියල් 20ක් අය කරනවා. ගොවියා ඉන්න පැය 7-8 තුළ දෙතුන් වතාවක් ගියොත් රුපියල් 60-80 දෙන්න ඕනා. වට්ටක්කා, තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 10-12ට පහත වැටිලා ඉතින් වැසිකිලි මුදල් ගෙවන්නත් ගොවියාට වට්ටක්කා, තක්කාලි කිලෝ හතරක්, පහක් අලෙවි කරන්න සිද්ධවෙලා.

ආණ්ඩුව ගොවියාට පොහොර සහනාධාර ක්‍රමවේදය වෙනස් කරලා. රුපියල් 500 වී ගොවියාට පොහොර ලබාදුන්නත් සෙසු වගාවන් කරන ගොවීන්ට රුපියල් 1,500ට පොහොර ගන්න පුළුවන් කියල පසුගිය 07 වෙනිදා විෂයභාර අමාත්‍යවරයා කිවා. එහෙම කියල සති දෙකක් වෙනවා. ඒ මිලට වෙලදපොලේ පොහොර මිලදී ගන්න නැහැ. වෙළදුන් පැරණි මිල ගණන්වලට තමා පොහොර විකුනන්නේ. ඔවුන් කියන්නේ රුපියල් 1,500 පොහොර අලෙවි කරන්න දැනුම්දීලා නැහැ කියලා.

යුරියා, ටි.එස්.පි.එම, ඕ.පි.ඇමෝනියා වශයෙන් වෙන් වෙන්ව පොහොර මිලදී ගන්න නැතිවුනත් මිශ්‍ර පොහොර වෙලදපොලේ මිලදී ගන්න තියෙනවා. ඒවා රුපියල් 3,000 කට වැඩි මිලකට අලෙවි කරන්නේ. තනි තනි පොහොර හිඟයක් ඇතිකරලා. මේක තනිකරම ජාවාරමක්. රුපියල් 1,500ට පොහොර දෙනවා වෙනුවට මිශ්‍ර පොහොර මිලදී ගන්න ගොවියා නිරායාසයෙන් පොළඹවන වැඩක්.

ලංකාවේ තියෙන සීමිත බිජ ගොවිපොළවල් වන පොලොන්නරුව, හිඟුරක්ගොඩ, කුණ්ඩසාලේ, මල්වත්ත, කරදියනාරු ඇතුළු බිජ ගොවිපොළවල්වලට මිට පෙර පොහොර නිකුත් කළේ ලක් පොහොර සමාගම හරහා, දැන් මේ පාර එලයිට් (ELITE ) කියන සමාගමෙන් ගන්න කියලා දැනුම්දීලා. මේ හරහා ආණ්ඩුව ඉතිරි බිජ ගොවිපොළවල් ටිකත් පුද්ගලික අංශයට විකුණා දැමීමේ සලසුමක්ද යන්න සැකයක් ඇතිවෙනවා.” යයිද පැවසිය.

Related posts

“ඥානසාර හිමි කුමන්ත්‍රණයකින් හිරකළා” බොදු බලෙන් බුරුම රජයට ලිපියක්

colombotoday

සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !

colombotoday

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

colombotoday

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Admin

සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ.. සයිටම් රජයේ තීරණයටත් උඩින් යයි !

colombotoday