Colombo Today Local News

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි… යුද සමයේ අතුරුදන්වූවන් සොයා මන්නාරමට යයි

යුද සමයේදී අතුරුදන් වූවන් පිලිබද තොරතුරු සොයා බැලීම සදහා රජය විසින් පිහිටුවන ලද අතුරුදන්වූවන් පිළිබද කාර්යාල නියෝජිතයන් ලබන මැයි 12 වැනිදා මන්නාරමට පැමිණි ඔවුන්ගේ රාජකාරි කටයුතු ආරම්බ කරන බව එම කොමිසමේ සභාපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ ජිනීවා යෝජනා අනුව මෙම කාර්යාලය පිහිටුවන ලැබීය.

එම කාර්යාලයේ කොමසාරිස්වරු මැයි මස දොළොස්වැනිදා මන්නාරමට පැමිණ අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් හමුවී ඒ පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමටත් ඉදිරි කාලයේදී උතුර – නැඟෙනහිර අනෙක් දිස්ත්‍රික්ක කරාද යෑමටත් නියමිතය.

යුද සමයේදී අතුරුදන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලමින් මේ වනවිට උතුරේ සෑම දිස්ත්‍රික්කයම නගරාසන්නයේ ඉදි කරගත් තාවකාලික කූඩාරම්වල අඛණ්ඩ විරෝධතා ක්‍රියාත්මක වී තිබේ.

Related posts

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

colombotoday

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

ඡන්ද කාඩ්පත් මිලදී ගත් දෙදෙනෙක් බේරුවල දී පොලිස් භාරයට

colombotoday