Colombo Today Local News

පූටින් මෙන් නිර්භීත, ලී ක්වාන් යූ මෙන් දූරදර්ශී, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී ලක් ඉතිහාසයේ විශිෂ්ඨතම ජනාධිපති අපේක්ෂකයා සූදානම්

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රුසියාවේ ව්ලැදිමීර් පුටින් දක්වන නිර්භීතභාවයත්, මැලේෂිටාවේ මහතීර් මොහොමඩ් දක්වන කලමණාකාරණයේ සුවිශේෂී හැකියාවත්, සිංගප්පුරුවේ ලී කුආන් යූ දැක්වූ දුරදර්ෂීභාවයත් යන සිවුශේෂි ලක්‍ෂණ තුනම සහිත ලක් ඉතිහාසයේ බිහිකල හැකි සුවිශේසීම ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට ඒකාබද්ද විපක්‍ෂ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

1981 සිට 2003 දක්වා වසර 22ක් මැලේසියාව පාලනය කළ වෛද්‍ය මහතිර් මොහොමඩ් පසුගිය 10 දා පැවැති මැතිවරණයෙන් නැවත අගමැති ධූරයට ජනතාව විසින් තෝරා ගත්තා. දැන් එතුමාට වයස අවුරුදු 93ක් වුණත් නැවත එතුමාට රට භාර දීමට වයස ප්‍රශ්නයක් වුණේ නෑ. ඊට හේතු වුණේ එතුමාගේ යුගය තමයි මැලේසියාවේ ස්වර්ණමය යුගය. එතුමා පාලනය කළ වසර 22 තුල මැලේසියානු ආර්ථිකය සිව් ගුණයකින් වර්ධනය වුණා.

ලංකාවේත් මහතිර් මොහොමඩ් කෙනෙකු හිටියා. ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ වසර 9ක පාලන කාලය තුල ලංකාවේ ආර්ථිකය සිව් ගුණයකින් වර්ධනය වුණා. වෙනත් වචන වලින් කියනවා නම් අගමැති මහතිර් වසර 22කින් කළ වැඩේ ජනපති මහින්ද වසර 9න් කළා.

මැලේසියානු ජනතාව තමන්ගේ ආණ්ඩුව වැඩ බැරි දූෂිත ආණ්ඩුවක් බව පෙනුනාම අලුතින් පක්ෂයක් හදා ගත් මහතිර් මොහොමඩ් මැතිතුමාට රට භාර දුන්නා. ලංකාවේ ආණ්ඩුවත් වැඩ බැරි දූෂිත ආණ්ඩුවක් බව ජනතාව තේරුම් අරන්. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අළුත් පක්ෂයක් හදා ගෙන ජනතාව ඉදිරියට ඇවිත් ඉන්නේ. ජනතාවට වුවමනා නායකයා ජනතාවටම පත්කරගන්න මැලේසියාවේ පුලුවන් උනත් ලංකාවේ එහෙම කරන්න බෑ. 19 වන සංශෝධනය කියන ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධණයෙන් තමන් කැමැති නායකයාව පත් කර ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගෙන තිබෙන්නේ. යම් පුද්ගලයෙක් රටේ නායකයා විය යුතුද නැද්ද යන්න තීරණය කල යුත්තේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඡන්දයට ඉදිරිපත්වීමට බාදකය වී තිබෙන්නේ ජනතා කැමැත්ත නැති කම නෙමෙයි. ව්‍යවස්ථාවේ ඉඩ නැති කම. ඒ නිසා තමන් කැමති නායකයෙකුට රට බාරදෙන්න මැලේසියාවේ ජනතාව කල වරද නිවරදි කර ගැනීමේ ක්‍රියාවලිය ඉටුකරගන්න ශ්‍රී ලංකාවේ ජනතාවටත් අවස්ථාව දෙන්න ජනතාවගෙන් උදුරාගත් තමන් කැමති නායකයෙක් පත් කරගැනීමේ අයිතිය නැවත ලබා දීලා 19 වන සංශෝධනය හකුලා ගන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

වතු නිවාස පේළියක ගින්නක්.. නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශයට

colombotoday

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin