Colombo Today Local News

මිරිහානේදී බස් රථ 2කට ගිනිතැබූ සැකකරුවෙක් සොයා පොලීසිය මහජන සහය පතයි..

මාර්තු මස 31 වැනි දින මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත පාර මංසන්ධියේ දී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපලවලට අලාභ හානි සිදුකර ඒ අසල වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයන් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ අපරාධමය සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය අපේක්ෂ කරයි.

එම අවස්ථාවේ ලබාගත් සී.සී.ටී.වී. දර්ශන ඇසුරින් බස් රථ ගිනි තබන ලද පුද්ගලයෙකුගේ රුවට සමාන වන පරිදි අඳින ලද සිතුවමක් ද පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදා හැරුණා.

එම සැකකරු ගැන යම් තොරතුරක් වෙතොත් විමර්ශන භාර පොලිස් අධිකාරිවරයාගේ දූරකථන අංකය වන 071-8591755ට හෝ 071-8594929 යන ස්ථානාධිපති – ඩිජිටල් වෝහාරික අංශය වෙත හෝ 011-2444265 යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෝ දැනුම්දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

Gallery

Related posts

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට එකඟයි – මහින්ද රාජපක්ෂ පවසයි

colombotoday

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

8වෙනිදා විවාදය ගැන ඒකාබද්ධය – ද්‍රවිඩ සන්ධානය එක මතයක..

colombotoday

පාරකට නම් ගහන්න ගිය ඇමති සිරිපාල ගම්ලත් ට දැඩි විරෝධයක්

Admin

පත්තරේ පළ උනාද බලා හොරකමේ යන ‘කපුටා’ කළ හෙළිදරව්ව

colombotoday

ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

colombotoday