World

කොවිඩ් නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය මැද එංගලන්තය 3වන වරටත් වසාදැමේ

කොවිඩ් – 19 වෛරස නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ එංගලන්තය තෙවන වරටත් වසාදැමීමට එරට රජය තීරණය කර තිබේ.

වේගයෙන් පැතිර යන කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනයට තම රට තෙවන වරටත් වසාදමන බව අගමැති බොරිස් ජොන්සන් ඊයේ (04)දින නිවේදනය කළේය.

එම නව වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනයට එංගලන්තය මේ වනවිටත් දැඩි සංචරණ සීමාවලට යටත්කර තිබේ.

ප්‍රාථමික හා ද්විතීයික පාසල් වසාදැමීම ඇතුළු ක්‍රියාමාර්ග හෙට (06)දිනයේ සිට බලාත්මක වන අතර පෙරබරවාරි මැදභාගය තෙක් එය ක‍්‍රියාත්මක වෙනු ඇත.

බොරිස් ජොන්සන් පවසන්නේ මෙවැනි අවස්ථාවක කඩිනමින් ක්‍රියාත්මක වී රට වසා නොදැමීමෙන් ඉදිරියේදි තත්ත්වය තවත් දරුණු අතට හැරෙනු ඇති බවය.

රට වසා නොදමන්නේනම් දින 21 ක් තුළ සෞඛ්‍ය සේවාවේ ධාරිතා සීමාව ඉක්මවා යාමේ අවදානමක් මතුව ඇති බවත් ඔහු අනාවරණ කරයි.

නව සීමා යටතේ අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට සහ නිවසේ සිට සේවය කළ නොහැකිනම් නිවෙස්වලින් බැහැරව යෑමට ජනතාවට අවසර ලබාදී තිබේ.

එමෙන්ම ව්‍යායාම කිරීමට, වෛද්‍යවරයා වෙත යෑමට සහ ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත් වන්නේනම් නිවෙස්වලින් බැහැරව යෑමට ජනතාවට අවසර හිමිවනු ඇත.

මෙම කාලය තුළ අධ්‍යාපන ආයතන අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලිය අනුගමනය කරනු ඇතැයි ද පැවසේ.

කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහනද තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකය.

ගෙවී ගිය දිනයේත් එක්සත් රාජධානියෙන් අසාදිතයින් 58,784 ක් වාර්තා වූ අතර නව මරණ 407 ක් වාර්තා විය.

Related posts

රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගෙන් ප්‍රහාර

Admin

ඊශ්‍රායලනේ සිරියාවට ගුවන් ප්‍රහාරයක්

colombotoday

මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin

Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයි

colombotoday