Uncategorized

සතියේ ලග්න පලාඵල, ඔක්තෝබර් 12 සිට 19 දක්වා

astro

mesha● මේෂ – සමඵලයි.
ආර්ථික තත්වය මේ සතිය තුලදි තරමක විචල්‍යතාවයක පවති. විශේෂයෙන්ම ඔබ පරිස්සම් විය යුතුයි, ණයට ගැනීමෙන් ණයට දීමෙන්. විශේෂ වශයෙන් ගිවිසුම් වලට බැඳිමෙන් පරිස්සම් වන්න. තැන්පත් ධනය අනිසි ආකාරයට වියදම් කරගැනීමෙන් පරිස්සම් විය යුතුයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට සමාදානය ගැන වෙනදාට වඩා සිතිය යුතුයි. මන්ද මේ කාලය තුල චන්ද්‍රයා හැසිරෙන්නේ කන්‍යාව, තුලාව සහ වෘශ්චික යන රාශි වලය. මේ කාල වලදි අඹුසැමි භේද ඇතිවිය හැකියි. පවුලේ සමගියට බාධා පැමිණිය හැකියි. දරුවන්ගේ කටයුතු වලටද යම් බාධා පෙන්වයි. සෞඛ්‍ය තත්වය මේ සතියෙදි අයහපත් විය හැකියි. ජලාශ්‍රිත රෝග පීඩා ඇතිවිය හැකියි. සෙම් අමාරු, මුත්‍රා අමාරු ආදි රෝගද ශල්‍යකර්ම කල අයද පරිස්සම් වන්න. නිදන්ගත රෝගාබාධ ඇති අය ප්‍රවේසම් වන්නට කටයුතු කරන්න.

urshaba● වෘෂභ – සමඵලයි.
මේ සතියෙදි ආර්ථික තත්වය දියුණු කරගන්න පුලුවන් වන්නේ සතියේ මුල් දවස් 2-3 ආදි කාලයේය. ණයට දුන් මුදල් අය වෙනවා. හදිසි ධනලාභ වාසනාව, හදිසි මුදල් ආදිය නිසා ආර්ථිකය දියුනු වේ. සතියේ මැදට යන්නට යන්නට ආර්ථිකයේ යම් අඩුවක් පෙන්වයි. ආර්ථිකය රැකගන්න. ණයට දීම, ණය තුරුස් වල පැටලීම සහ තැන්පත් ධනය වියදම් කිරිමෙදි පරිස්සම් වන්න. ගෘහ ජිවිතය තුල සතුට ඒකාකාරිව පවත්වාගෙන යාමේ ගැටළුවක් පවති, චන්ද්‍රයාගේ ගමනද අනුව දරුවන් සම්බන්ද කටයුතු වල ප්‍රගතියක් තියෙනවා. සතිය මැදදී ආර්ථික ප්‍රශ්න සහ ගැටළු තුල විවාහ ජිවිතයේ අඹුසැමියන් අතර යම් සිත් අමනාපකම් ඇතිවිය හැකියි. ජලාශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් විම අත්‍යාවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්න ජිවන රටාවකට හුරු වන්න.

mithuna● මිථුන – සුභයි.
ආර්ථික වාසි ලැබේ. උරුමහරුමකම් දේපල ලැබේ. වැඩිහිටි ඥාතින්ගෙන් දියුණුවට උදව්, මුදල් ආධාර උපකාර ලැබේ. මේ සතියෙදි විශේෂ වශයෙන්ම නිවසට අලුත් බඩු මුට්ටු මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඔබ භූමි ලාභයකට, වස්තු ලාභයකට අදහස් ඇත්නම් ඒවා සාර්ථක වෙනවා. ගෘහ ජිවිතය සතුටින් ගත වෙනව. නිවසට අලුතින් කොටසක් එකතු කරගත හැකියි. අලුත් බඩු මට්ටු මිලදී ගැනීමට වාසනාව ලැබේවි. සිතට ප්‍රීතිය ලැබේ. සෞඛ්‍ය තත්වය තුල ඔබට විශේෂ ගැටළු නෑ. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඇති රෝග පාලනය කරගන්න.

kataka● කටක – පැහැදිලිවම ශුභ සතියකි.
ආර්ථිකය දියුණු වේ. උත්සහයේ උනන්දුවේ හැටියට දියුණුව ලැබේ. පිටපලාත් වල රැකියා කරන අයට විශේෂයෙන්ම හොදයි. රසකැවිලි වැනි ව්‍යාපාර සහ කාන්තාවන්ට අවශ්‍ය දේ අලෙවි කරන අයටත් මේ සතියෙදි ඉතා හොඳයි. විශේෂ කාරණාවක් නම් ඔබගේ ඥාතියෙකුගෙන් හෝ හිතවතෙකුගෙන් මේ සතිය ඇතුලතදී ඔබට දියුණුවට අතහිත ලැබේ.
ගෘහ ජිවිතය තුල ඔබගේ සමාදානය රැකේ. අඹුසැමි ප්‍රේමය වැඩි දියුණු වේ. ප්‍රේම සබදතා ශක්තිමත් වේ. වැඩිහිටියන්ගේ ආශිර්වාදයන් ප්‍රේම සබදතා වලට ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. සෞඛ්‍ය තත්වය තුල ශරීරයට සෙම් අමාරු සහ උදරාබාධ වැළදෙන්නට පුලුවන්. නිතර දෙවේලේ ගමන් බිමන් නිසා යම් ආතතියක් ඇතිවිය හැක.

lion● සිංහ – සුභ සතියකි.
ආර්ථික ස්ථාවරත්වය සතිය පුරාම රඳා පැවතෙනවා. පැරණි හිතවතෙක්ගෙන් ඥාතියෙක්ගෙන් මුදලක් ලැබිමේ වාසනාව පවති. උරුමහරුමකම් ලැබේ. ඒවගේම අලුත් ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරිමටත් ඒවා සාර්ථක කරගැනිමටත් වාසනාව පවති.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව ඉතාම ප්‍රබලව ඉස්මතු වන සතියක්. නිවසට අලුත් බඩුබාහිරාදිය ගැනීමටත් නිවසට අලුත් කොටසක් එකතු කිරිමටත් හැකියාව ලැබේ. ආර්ථික වාසි සමග ගෘහ ජිවිතයේ තත්වයද සැනසිලි දායක වේ. දරුවන් සමග පිටපලාත් වල සංචාරයද විනෝද චාරිකා, විනෝද ගමන් ආදියටද වාසනාව මේ සතියේ පවති. සෞඛ්‍ය තත්වය යහපත් වුවත්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. උපතෙදි සෙනසුරු-රාහු 3 සහ 4 තැන්පත්ව සිටි අයට ස්වල්ප වශයෙන් ඇඟපත වේදනා, කැක්කුම් ආදිය ඇතිවන්නට පුලුවන්.

kanya● කන්‍යා – ඉතාම සුභයි.
කාලෙකට පස්සෙ ආර්ථික වාසි සැලසෙන සතියකි. තමාගේ ප්‍රියමනාප කතා විලාශය සහ හොඳ නම ඇති අයට බොහෝ දියුණුව ලැබේ. ව්‍යපාරික කටයුතු දියුණු වේ. පිට පලාත් වල වෙළදාම් කරන අයට ආර්ථික වාසි සැලසෙනවා වගේම විදේශ රටවල සේවය කරන අයටත් වාසි ලැබේ. ගෘහ ජිවිතය තුල ඔබට සතුට සමාදානය රජ කරයි. විශේෂයෙන්ම දුවාදරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්නට පුලුවන්. මේ කාලයෙදි අලුත් ඥාති සබදතා හිතවත්කම් ගොඩනැගේ. අවිවාහක අයගේ මංගල කටයුතු සාර්ථක වේ. ඒවාට පදනම වැටේ. ප්‍රේම සබදතා ස්ථිර වේ. සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු ආදියෙන් පරිස්සම් වන්න.

thula● තුලා – වාසනාවන්ත සතියකි.
ඔබගේ උත්සහයේ හැටියට දියුණු වෙන්ට පුලුවන්. නමුත් සතියේ මුල් දවස් 2-3දි කිසියම් ආකාරයකට යම් පීඩාවක්, පීඩනයක් එල්ල වෙන්න පුලුවන්. තමන්ගේ කරන කියන කටයුතු වල අඩියක් පස්සට ගන්න සිද්ධ වේවි, නමුත් එය ඔබගේ උත්සහය සමග වලකින්න පුලුවන්.
ගෘහ ජිවිතය තුල බොහොම ප්‍රියමනාපව කටයුතු කරන්නට පුලුවන්. අඹුසැමි ප්‍රේමය දළුලනවා. ඔවුනොවුන්ගේ සිත් වල කාලාන්තරයක් තිබුනු බලාපොරොත්තුවක් ඉටු වෙන්නට පුලුවන්. ඒ සම්බන්ධව සියලු දේ ඔබට හොඳයි. සෞඛ්‍ය තත්වයේ යම් ගැටළු තිබෙනවා. චන්ද්‍රයා 12 හැසිරෙන මුල් දවස් 2ත් චන්ද්‍රයා වෘශ්චික රාශියේ හැසිරෙන අවසාන දවස් වලත් යම් ගැටළුකාරි තත්ව ඇතිවෙන්ට පුලුවන්. සෙම් අසනීප, ඇඟේ පතේ අමාරු, උදරාබාධ ගැන පරිස්සම් වන්න. නමුත් සතියේ වැඩි කොටසක් නිදහසේ මානසික ඒකාග්‍රතාවය රැකගෙන සිටිමට හැකියාව ඇත.

uschika● වෘශ්චික – වාසනාවන්ත සතියක්.
අයස්ථානයේ චන්ද්‍රයා සිටියදි ඇරඹෙන සතිය හොඳයි. අතුරු ආදායම් මාර්ග ලැබේ. ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් ආර්ථික වාසි වලට උදව් ලැබේ. විදේශ රැකියා වල නියුතු අයට විශේෂ වාසි ලැබේ. වැඩිහිටි ඥාතින්ගෙන් උදව් ලැබේ. තමාගේ දියුණුවට බොහෝ අයගෙන් උදව් ලැබේ. ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව ප්‍රබලව හොද ආකාරයට පරිවර්ථනය වේ. ඔබ බිරිඳට/ස්වාමියාට නව බඩු භාණ්ඩ ආදිය මිලදි දෙන්නට ඔබට සිත් පහල වේ. නිවසේ යම් අලුත්වැඩියාවකට ඔබගේ සිත යොමුවේවි. සමහර වෙලාවට පිට පලාත් වල ඉඩකඩම්-භූමිලාභ-වස්තු ලාභ හිමි වේවි. සෞඛ්‍ය තත්වය හොඳ තත්වයක තියෙනවා. සතියේ මධ්‍ය කොටසෙදි ඔබට කිසියම් ආකාරයකට සෞඛ්‍ය ගැටළු පැනනගින්න පුලුවන්. හිස කැක්කුම, ඇඟපතේ වේදනාව ආදිය විය හැක.

dhanu● ධනු – ඉතාම වාසනාවන්ත සතියක්.
ආර්ථික වාසි හිමි වේ. ව්‍යාපාරික කටයුතු දියුණු වේ. රැකියා කරන අයටත් උසස්වීම් – වැටුප් වර්ධක හිමිවීමට වාසනාව තියෙනව. පිටපලාත් වල කරන රැකියා දියුණු වේ.
ගෘහ ජිවිතය බොහොම වාසනාවන්ත මේ සතියෙදි අලුත් දේවල් මිලදී ගෙන බිරිඳට ලබාදිමට සිතේ. දුරබැහැර ඥාතියෙක් නිවසට පැමිණෙන්නට පුලුවන්. ඥාතින්, අසල්වාසින් සමග සතුටින් සමාදානයෙන් සිටින සතියකි. සිතට සතුට ලැබේ.සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සතිය අගදී සෙම් අමාරු, ඇඟපත වේදනාව වැනි රෝග වලින් පරිස්සම් වන්න.
makara● මකර – ඉතාම ශුභ සතියකි.

භාග්‍යස්ථානයේ චන්ද්‍රයා සිටියදි ඇරඹෙන මේ සතියෙදි ආර්ථික තත්වය දියුණු වෙන්නේ පෙර පිනට වාගේය. වැඩිහිටි ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. රැකියා කරන අයටද ඉතාම සුබයි. පිටපලාත් වල රැකියා සහ විශේෂයෙන්ම ව්‍යාපාර කරන අයටත් සුබයි. විදෙස්ගත අයටත් සුබයි. ගෘහ ජිවිතය තුල දියුනුව ඇතිවේ. ඔබට ආර්ථික වාසි සැලසෙන නිසාම පවුලේ අය සමග පිට පලාත් වල සංචාරයට, විනෝද ගමන් යාමට වාසනාව ලැබෙන සතියකි. ඔබ නිතරම සතුටින් සිටින කාලයක් ලෙස මේ සතිය හැඳින්විය හැකියි. සෞඛ්‍ය තත්වය තුල ඔබගේ සෞඛ්‍යයට හානි කරන විශේෂ දේවල් මේ සතියෙදි සිද්ධ වෙන්නෙ නැහැ. නමුත් සතිය අගදී ඔබගේ දෙපා සහ ඇඟපත වේදනා ආදිය ගැන ප්‍රවේසම් වන්න.

kumbha● කුම්භ – සමඵල සතියකි.
චන්ද්‍රයා 8 වැන්නේ සිටියදී උදාවන මේ සතිය යම් මානසික චිත්ත පීඩා ඇති කරන්න පුලුවන්. විශේෂයෙන්ම ණය තුරුස් සම්බන්ධවත්, ව්‍යාපාර වස්තු වල හවුල්කාර පාර්ශව සමග යම් මත ගැටුම් ඇතිවිම නිසාත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. රැකියා කරන අයට රැකියා ස්ථානයේ යම් දුෂ්කරතා ඇතිවෙන්නට පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න. ගෘහ ජිවිතයේ අඹුසැමියන් අතර සැකය නිසා යම් ගැටළු සහගත තත්වයන් ඇතිවෙන්නට පුලුවන්, මතභේද ඇතිවෙන්නට පුලුවන්. ඒවා ඉවසීමෙන් සහ දූරදර්ශීව කටයුතු කරන සමනය කරගන්න. සෞඛ්‍ය තත්වයේ, විශේෂයෙන්ම ශල්‍යකර්ම වලට භාජනය වී ඇත්නම් ප්‍රවේසම් වන්න, පසු සංකූලතා ඇතිවිය හැකියි. සෙම් අමාරු වලින්ද පරිස්සම් වන්න.

mena● මීන – සමඵලදායකයි.

සතියේ මුල් දවස් 2-3දි ඔබට ආර්ථික වාසි සහ කොටස් කරුවන් සමග ‍බොහෝම කුළුපගව කටයුතු කරන්නට හැකියාව ලැබේවි. නමුත් සතියේ මැදදී යම් ණය තුරුස් සහ ඔබට යම් ගැටළු මතුවිය හැකියි. ඒ ගැන ඔබ විමසිලිමත් වන්න. ඔබට මේ සතියෙදි දඩ හෝ එවන් අවාසි සහගත තත්වයන් ඇතිවිය හැකියි. ඔබට දෙන අවවාදය නම් මේ සතියෙදි ඇපයට අත්සන් කිරිම්, ණය තුරුස් වලට මැදිහත් කරුවෙක් ලෙස කටයුතු කිරිම් ආදියෙන් පරිස්සම් වන්න. ගෘහ ජිවිතය තුල මුල් දින කීපයෙදි ඔබ සතුටින් සමාදානයෙන් සිටිනවා. නමුත් සතිය මැදදී ඔබට දුරබැහැර ගමන් නිසා පවුලේ අයගෙන් යම් දුරස් වීමක් වේවි තාවකාලිකව,නමුත් ඒවා ඔබට ආර්ථික වශයෙන් වාසිදායක ගමන් වෙන්නට පුලුවන්. සෞඛ්‍ය තත්වයේ, ලොකු ගැටළු නැහැ. නමුත් චන්ද්‍රයා 8 වැන්නේ හැසිරෙන නිසා විශේෂයෙන්ම මීන ලග්නයේ කුඩා දරුවන් ජලාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කරගන්නවා වගේම, වැව් පොකුණු තටාක ගංඟා වලින් නෑම මේ සතියෙදි නොකල යුතුයි. පරිස්සම් වන්න.

Related posts

යුධ හමුදාව සතු ඉඩම් නිදහස් කරන්න ඉල්ලා සෙට්ටිකුලමේ විරෝධතා…

colombotoday

ගුරු – විදුහල්පති ගැටලුවට අද සයිබර් විරෝධතාවක් – ඇමති අනු කමිටුවේ හමුව අවලංගුයි

colombotoday

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin

3 Fitness goals you need to ditch immediately, according to a pro

colombotoday

කරාපිටිය ශික්ෂණ රෝහලෙ හොර වෛද්‍යවරයෙක්

colombotoday

පාසල් නිල ඇදුම් වව්චරය දීම ප්‍රමාද වුණේ ඡන්ද වැඩ තිබුණු නිසා – හිටපු අධ්‍යාපන ඇමති කියයි

colombotoday