World

වසර දහසකට වඩා පැරණි අප්‍රිකාවේ යෝධ බයෝබැබ් ගස් අභිරහස් ලෙස මියයයි..

අප්‍රිකාවේ සවානා වනාන්තරයේ සලකුණ ලෙස හඳුන්වන ‘බයෝබැබ්’ (Baobab) ගස් අබිරහස් ලෙස මිය යමින් පවතී.

පසුගිය දොළොස් වසර පුරා පැරණිතම සහ විශාලතම අප්‍රිකානු බයෝබැබ් ගස් බොහෝමයක් මිය ගිය බව ජාත්‍යන්තර විද්‍යාඥයන් සොයාගෙන තිබේ.

මෙයට හේතුව තහවුරු කිරීමට ඍජු සාක්ෂි නොමැති වුවත්, දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බවට ඔවුහු සැක පහළ කරති.

මෙම වර්ගයේ ගසක් අති විශාල ප්‍රමාණයකට වර්ධනය විය හැකි අතර එහි ආයු කාලය වසර සිය දහස් ගණනකි.

මෙම ගස් අහිමි වීම “පෙර නොවූ විරූ බරපතල සිදුවීමක්” බව දකුණු අප්‍රිකාව, රුමේනියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලවල පර්යේෂකයෝ පවසති. ගස් මිය යාමට හේතුව වසංගතයක් නොවන බව පර්යේෂකයන් ‘Nature Plants’ සඟරාවෙන් අනාවරණය කර තිබේ.

“දකුණු අප්‍රිකාවේ වෙනස් වෙමින් පවතින දේශගුණය මෙම තත්වයට යම් කිසි බලපෑමක් එල්ල කර ඇතැයි අපි සැක කරනවා,” යනුවෙන් පර්යේෂකයන් කණ්ඩායම මෙහෙයවන රුමේනියාවේ බාබස්-බොල්යායි විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඒඩ්‍රියන් පැට්රූට් පැවසීය.

“කෙසේ වෙතත්, මෙම උපකල්පනය තහවුරු කිරීමට හෝ ඉවත ලෑමට තවදුරටත් පර්යේෂණ සිදු කරන්න වෙනවා,” යැයි ඔහු පැවසුවේය.

2005 වසරේ සිට පර්යේෂකයෝ දකුණු අප්‍රිකාව පුරා විසිරී ඇති පුරාණ ගස් සොයා ගොස් එම ගස්වල ව්‍යුහය සහ වයස පිළිබඳ පර්යේෂණ පවත්වමින් සිටිති.

පැරණිතම ගස් දහතුනෙන් අටක් සහ විශාලතම බයෝබැබ් ගස් හයෙන් පහක් සම්පූර්ණයෙන්ම මියගොස් හෝ සමහර පැරණි අතු බිඳ වැටී ඇති බව පර්යේෂණය අතරතුර අනපේක්ෂිත ලෙස සොයා ගන්නා ලදි.

බයෝබැබ් ගස්වල බොහෝ කඳන් සහ අතු පිහිටා තිබේ. සමහර ගස්වල සියලු කඳන් එකවර මියගොස් ඇති බව දක්නට හැකිය.

“අපි සිතන්නේ මෙය උෂ්ණත්වය වැඩි වීමෙන් සහ නියඟය නිසා සිදු වූවක් බවයි. මෙම ගස් මියයනවා දැකීමෙන් කම්පනයට පත් වෙනවා වගේම මහත් කනගාටුවක් දැනෙනවා,” ආචාර්ය ඒඩ්‍රියන් පැට්රූට් බීබීසී වෙත පැවසීය

මේ ආකාරයට මියගිය හෝ මියැදෙන විශාල පැරණි ගස් සිම්බාබ්වේ, නැමීබියා, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ සැම්බියාවෙන් සොයාගන්නා ලදි. ඒ සියල්ල අවුරුදු දහසක් හෝ දෙදහස් පන්සීයකට වඩා පැරණිය.

ඉතා ශක්තිමත් කඳන් සහිත බයෝබැබ් ගස් නිපදවන පළතුරු ගෙඩියෙහි හැඩය නිසා “මියගිය මී ගස්” ලෙස ද හඳුන්වනු ලැබේ.

ශුෂ්ක කලාපයේ වැඩෙන බයෝබැබ් ගස් දරුණු කාලගුණ තත්වයන්ට ඔරොත්තු දීම සඳහා ඔවුන්ගේ කඳන් ඇතුළත විශාල ජලය ප්‍රමාණයක් ගබඩා කර ගනී.

වනජීවීන්ගේ පැවැත්මට උපකාර වන මෙම ගස් පක්ෂීන් කැදැලි තනන විශේෂ ස්ථානයකි.

(බීබීසී ඇසුරිනි)

Related posts

නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයි

Admin

රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන ඇත්ත, ලොවට කියන්න ගිය මියන්මාර් සුරූපිණියට වෙච්ච දේ (Video)

colombotoday

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

Admin

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

විශේෂ බුද්ධි මෙහෙයුමකදී ත්‍රස්ත ප්‍රහාර 30ක මහ මොලකරු මරුට

colombotoday

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday