Colombo Today Local News

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න CID අත්අඩංගුවට ගන්න යයි

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි නඩරාජා රවිරාඡ් මහතාට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන විත්තිකරුවකුට රටින් පලා යැමට ආධාර කළ බවට චෝදනා ලැබ සිටින ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට යයි.

අද්මිරාල්වරයාට එරෙහිව පුළුල් විමර්ශනයක්‌ මේ වනවිටත් ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි දිනවලදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

නඩරාජා රවිරාඡ් ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරුවකු වූ නේවි සම්පත් නමැත්තා බෝට්‌ටුවක්‌ මාර්ගයෙන් විදේශගත කළ බවට අද්මිරාල්වරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

නේවි සම්පත් නමැති පුද්ගලයා දෙමළ ශිෂ්‍යයන් එකොළොස්‌ දෙනෙක්‌ පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියේ හත්වැනි සැකකරු බව ද පොලිසිය පවසයි.

නඩරාජා රවිරාඡ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය අභියෝගයට ලක්‌කළ නීතිපතිවරයා විසින් අභියාචනයක්‌ ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව රවිරාඡ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් තිදෙනකු නැවත අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර නේවි සම්පත් නමැති විත්තිකරු රටින් පලා ගියේය.

මෙම විත්තිකරු රටින් පැන යැම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ පැවැත් වූ අතර නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කර තිබිණි.

අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා මෙම සිද්ධිය වන කාලසීමාවේ නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරී කරමින් සිටියේය.

නේවි සම්පත්ට රටින් පැන යැමට උපකාර කළ අන්දම සම්බන්ධයෙන් සාක්‍ෂි රැසක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියකුට පහරදීම සම්බන්ධයෙන් ද රවීන්ද්‍ර විඡේගුණරත්න මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

– Divaina

Related posts

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්

Admin

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin

ඇමෙරිකාවෙ ඉන්න රනිල්ට ජපානයේ සිට මහින්දගෙන් කෝල් එකක් !

colombotoday

බාල ප්‍රමිතියේ ඉන්දියානු රූපලාවන්‍යාගාර 700ක් මෙරටට.. ගිය ආණ්ඩුවෙන් අවසර දිලා !

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday