Colombo Today Local News

චීනයේ නියෝගයක් නිසා මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාරය ගලවා ඉවත්කරගැනීමට රජය තීරණ කරයි

හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ, බලාගාරය පවත්වාගෙන යන ඉඩමට බදු ගෙවීමට සිදුවීම හේතුවෙනි.

මෙරට පළමු සුළං විදුලි බලාගාරය ලෙස හම්බන්තොට සැලකේ. ඉන් දළ වශයෙන් මෙගාවොට් 3ක බලශක්තියක් ජනනය කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය පවසයි.

මේ වන විට ටර්බයින 2ක් අක්‍රීය වී ඇතැයි අමාත්‍යංශය පෙන්වා දෙයි.

වසරේ වැඩි ම කාලයක් සුළං මගින් විදුලිය ජනනය කිරීමට මෙම බලාගාරයේ හැකියාව පවතියි.

නමුත් චීන සමාගමකට හම්බන්තොට වරාය බදු දීමත් සමග මෙම සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කර ගැනීමට සිදුව තිබේ.

නැතිනම් බලාගාරය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා බද්දක් ගෙවිය යුතු බව චීන සමාගම විසින් දැනුම් දී තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය පවසන්නේ, බදු ගෙවීමට නොහැකි බැවින් බලාගාරය ගලවා ඉවත් කරන බව ය.

මේ අතර කැබනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙවැනි අදහසකි.

“ඒක ඔවුන්ගේ අදහසක් පමණයි. ඒක ප්‍රතික්ෂේප කළා. රජය විදුලිබල මණ්ඩලය දිගටම ගෙනියනවා”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ පැරිස් එක්සත් ජාතීන්ගේ පාර්ශව කරුවන්ගේ සමුළුවට එක්වෙමින් බලශක්ති ක්ෂේත්‍රයේ වායු විමෝචනය 4%කින් ස්වෙච්ඡාවෙන් 2030 වසර වන විට සිදු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේ ය.

ඒ අනුව මෙගාවොට් 2500ක පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය පැවසුවේ ය.

මෙරට අවශ්‍ය සමස්ත විදුලිබල බලශක්ති අවශ්‍යතාව 2050 වසරේදී පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරා ගැනීම රජයේ ප්‍රධාන අරමුණ යි.

ඒ අනුව 2020 වසර වන විට ජාතික විදුලි පද්ධතියට 60% ක් පුනර්ජනනීය බලශක්තිය ලබා දීමට දැනටමත් සැලසුම් කර අවසන් ය.

Related posts

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

තරුණයන් පිරිවරා අගමැති යොවුන් පුරයේ.. අවසන් දිනය අද

colombotoday

ජනපතිගෙන් මාධ්‍යට දොස්මුරයක් (Video)

colombotoday

“බැදුම්කරේ හින්දා අපට කිසිම පාඩුවක් නෑ” – පී හැරිසන්

colombotoday

මේක බුදුන්ගේ දේශයයි. | අසාධාරණය වුනේ සිංහලයන්ටයි. | මානව හිමිකම් උල්ලංඝනය කලේ ත්‍රස්තවාදීන්. | දෙමල වෛද්‍යවරයාගේ හෘද සාක්ෂිය

colombotoday

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday