Colombo Today Local NewsUncategorized

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් රටේ පවතින බව තමා පෞද්ගලිකව විශ්වාස නොකරන්නේ යැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

එම නිසා සියලු දෙනා එකතුවී ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මුලින්ම පවත්වන්නෙ පළාත් සභා මැතිවරණයද එසේ නැතිනම් පළාත් පාලන මැතිවරණය දැයි රෝහණ බණ්ඩාර මහතා මෙහිදී ඇමැතිවරයාගෙන් විමසුවේය.

එසේම එම මැතිවරණ පවත්වන්නේ කුමන ඡන්ද ක්‍රමයක් යටතේ දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

Related posts

මහවිරු සැමරුමට සැරසෙද්දී සිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ට කරලා

colombotoday

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

සහරාන් සමඟ සබඳතා පැවැත්වු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

Admin

වතු නිවාස පේලියක් හුදකලා කෙරේ

colombotoday