Uncategorized

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළා දකිනවා – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ උග්‍රවන වන ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළා දකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මිෂෙල් බැචෙලේ මහත්මිය පවසයි.

“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් සාමකාමී විරෝධතාකරුවන්ට (09)දින පහරදීමත් සමග පාලක පක්ෂයේ සාමාජිකයන්ට එල්ල වූ මැර ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම පිළිබඳව මම කනස්සල්ලට පත්ව සිටිමි.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අප හෙලා දකින අතර සියලුම පහරදීම් පිළිබඳ පුළුල් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් ආරම්හ කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි ” යැයි මිෂෙල් බැචෙලේ මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

මැයි 2 රජයේ නිවාඩු දිනයක්

colombotoday

පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු මංගල සභා රැස්වීමට සහභාගීවීමට අවසර

colombotoday

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !

colombotoday