World

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (04) රාත්‍රියේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට වැටෙන විට අවම වශයෙන් බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ එහි සිට ඇති බවයි එරට බලධාරීන් පවසා ඇත්තේ.

ඊයේ (04) රාත්‍රියේ බේරා ගැනීමේ කණ්ඩායම් දියත් කළ මෙහෙයුමකින් මේ වන විට මගීන් කිහිපදෙනෙක් බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

බස් රථය ලාල්දාන්ග් සිට උත්තර්කාන්ද් ප්‍රාන්තයේ බිරොන්කාල් ගම්මානය දක්වා මංගල පෙරහැරක මගීන් රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව පැවසේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

තරුණ‍යෙකු ඝාතනය කර ප්‍රංශය ඇවිළු පොලිස් නිලධාරියා අත්අඩංගුවට..

Admin

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday