Colombo Today Local News

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන දැනුම් දීමක් | කටුනායකට-මත්තල ආරක්ෂාව දැඩි කරයි

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊයේ (14) රාත්‍රීයේ ගුවන්තොටුපලට ලද ඊමේල් පණීවිඩයකට අනුව මෙසේ ගුවන්තොටුපළවල ආරක්ෂාව තර කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

මෙලෙස ලද තොරතුර තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙසින් ගුවන් තොටුපළවල ආරක්ෂාව තරකළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මේ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇතැයි පැවසෙයි.

අයි එස් අයි එස් සහ තලෙයිබාන් මතවාදයන් සමඟ අභිප්‍රේරණය වූ කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළද සක්‍රීය වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස පොලිස් ප්‍රධානින් විසින් මෙරට සියලු බුද්ධි අංශවලට උපදෙස් ලබාදෙනු ලැබ ඇතැයි ද වාර්තා වේ

-ලංකාදීප-

Related posts

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

colombotoday

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

ගාලු මුවදොර පිටියේ වෙළඳ සැල් 9ක් සොරු බිඳියි

colombotoday

දින පහකට පාර්ලිමේන්තුවට පත්වූ පිරිමි නර්ස් රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණලා.

colombotoday

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin