
කුරුණෑගල ප්‍රදේශයේ දී ජනතාව ගිනි තබා විනාශ කළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩර 140ක් පමණ සොයා ගෙන ඇත.
මෙම සියලුම ගෑස් සිලින්ඩර ජනතාව රැගෙන ගොස් ඇත.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සතුව තිබූ කුරුණෑගල වැව පාරේ නිවෙසේ ලාෆ් ගෑස් සිලින්ඩර පමණක් අසූවකට වැඩි සංඛ්‍යාවක් තිබී ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com