Colombo Today Local News

මත්පැන්හල් වහන්න නියෝගයක්

අද (01)දිනට යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන ‍ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් වසාතැබීමට නියෝග කර තිබේ.

ඒ අනුව සුරාබදු බලපත්‍රලත් මත්පැන්හල් අද දින පස්වරු 12.00 සිට දිනය අවසන් වන තෙක් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කොට ඇත.

අදාළ පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ගයන් සහ එම රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථානයන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එම මාර්ග සහ රැස්වීම් භූමි ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් සම්බන්ධයෙන් එම නියෝගය බලපැවැත්වෙන බව ද සුරාබදු කොමසාරිස්, කපිල කුමාරිසිංහ මහතා නිවේදනය කරයි.

Related posts

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

කටුපොල් වගාව නතර කිරිමට කැබිනට් අනුමැතිය !

colombotoday

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

colombotoday

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday