Colombo Today Local News

මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග ඉදිරියට යන්න බැහැ! කෑගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවද?

මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග ඉදිරියට යන්න බැහැ! කෑගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවද?

මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග ඉදිරියට යන්න බැහැ!

දේශපාලන මණ්ඩලයක් හෝ ජාතික සභාවක් ඇති කර ගනිමු

අගමැති රනිල් මැතිසබයේදී කී කතාව…

“මේ ආකාරයට තව සතියක් ගියොත් ඊළඟ සැරේ අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙනවා‘’ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාරලිමේන්තුවේ දී ඊයේ (17දා) පැවසීය.

වර්තමාන පාර්ලිමේන්තුවේ පවතින සංස්කෘතිය සමඟ ඉදිරියට යා නොහැකි බවත් ඒ නිසා පාර්ලිමේන්තු සභාවක් නිර්මාණය කිරීමට කර තිබෙන යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් අගමැතිවරයා කීවේය. නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත් කර ගැනීමෙන් පසු අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“පළමුවෙන්ම මම එකක් ප්‍රකාශ කරන්න ඕනේ. මම අද පොලිස්පතිවරයාට කතා කළා. ගාලුමුවදොර පහරදීමේ සිද්ධිය පිළිබඳ තත්ත්වය විමසුවා. එතුමා කිව්වා නීතිපතිවරයාගේ නියෝග ලබාගෙන තියෙනවා. ඒ අනුව ක්‍රියා කරනවා කියලා. මම යෝජනා කළා ඒ ගැන කථානායකතුමාට වාර්තා කරන්න කියලා. දවස් දෙකින් දෙකට නැත්නම් තුනෙන් තුනට ඔබතුමාට ඒ ප්‍රගතිය වාර්තා කරන්න කියලා මම කිව්වා.

ඊළඟට විශේෂයෙන්ම අපි කාරණා කීපයක් මතක තියාගන්න ඕනේ. ගෝල්ෆේස් පිට්ටනියේ වුණ සිද්ධිය මම හෙළා දැක තියෙනවා. දෙවනුව මම කියන්න කැමතියි මේ සභාවේ කෑගහන කීදෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවාද? ඒ නිසා මම එකක් කියන්න කැමතියි. පළවෙනි සැරේ නියෝජ්‍ය කථානායකවරයා තෝරන එකේ මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මම ඒ වෙලාවේ පොරොන්දුවෙලා තිබුණා රංජිත් සියඹලාපිටිය මහතාට මගේ ඡන්දය දෙනවා කියලා.

එතන වුණ අවුල මොකක්ද කියලා ඊට පස්සේ විපක්ෂ නායකවරයායි, සුසිල් ප්‍රේමජයන්ත මහතායි මායි කතා කරද්දී එළිවුණා. මේකට මම සම්බන්ධ නැහැ. මට කතා කරන්නේ නැහැ සාකච්ඡාවට. ඒ නිසා මම එතැනට ඇවිල්ල කිව්වේ අපි පුළුවන්නම් එක් කෙනෙක් තෝරගමු කියලා. ඒ නිසා මමත් කැමතියි කාන්තාවක් තේරෙනවාට. මොකද අන්තිම කාන්තාව මේ රටේ සෙනෙට් සභාවේ නියෝජ්‍ය කථානායකවරිය හැටියට හිටියේ මගේ අම්මගේ නැන්දා ඇඩ්ලින් මුලමුරේ. ඊට පස්සේ කවුරුත් මේ තනතුරුවලට ඇවිල්ල නැහැ.

කෙසේ හෝ මේ සභාවේ ගිය අනුපිළිවෙළට ඒක ඉෂ්ට වුණේ නැහැ. ඒකට මට දොස් කියන්න එපා. මම මේ ඒකට හිටියේ නැහැ. ඔක්කොම අය කියන්නේ මම තනි පක්ෂයේ අගමැතිවරයා කියලා. විපක්ෂයටත් මට සහභාගි වෙන්න බැහැ.ආණ්ඩු පක්ෂයටත් මට සහභාගි වෙන්න වෙලා නැහැ.

අපේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවාට විරුද්ධව අපි එක්ක වැඩ කළා. එතුමට අද ගහලා තියෙනවා. ඒක නිකන් සිදුවුණ එකක් නෙමෙයි කියලා මට දැන් ආරංචිවෙලා තියෙනවා. ගෙවල් ගණනාවක් ගිනි තියලා තියෙනවා. ගාල්ලේ රමේෂ් පතිරණ මහතාගේ ගෙයක් ගිනි තැබුවා. චන්දිම වීරක්කොඩිගෙ ගෙටත් ගිනි තැබුවා. ඒ විතරක් නෙවෙයි විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ගේත් ගිනි තැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ පැත්තෙ හිටියත් මේ පැත්තෙ හිටියත් මේ සෙල්ලම දැන් ඇති. තමන්ට කැමති නැත්නම් කවුරු හරි ඇවිත් ගිනි තියන්න පුළුවන්. ඒ නිසා ඒකට යම්කිසි සහන දෙන වැඩසටහනක් අපි තියාගන්න ඕනේ. ඊට වඩා මම කියන්නේ අපි අතර වෙනස්කම් තියෙන්න පුළුවන්.

මම මෙතැනට ආවා කියලා සමහර අය හිතනවා ඇති මම පාවල දුන්න කියලා. ඒක නෙමෙයි මගේ කාරණේ. මම එතැන කිව්වා මේ රටේ ආර්ථිකය ගොඩගන්න ඕනේ. අපි ඒක ගොඩ නඟාගන්න ගමන් තව එකක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවට ඇයි ජනතාව දොස් කියන්නේ? අපි මේ සංස්කෘතිය වෙනස් කරමු. අවාසනාවකට ඒ සංස්කෘතිය අද උදෙත් තිබුණේ නැහැ. ඒකට මගෙ සහයෝගය නැහැ. මම කියන්නේ පාර්ලිමේන්තුවේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි පියවර හැටියට මේ පාර්ලිමේන්තුව තුළ දේශපාලන මණ්ඩලයක් හෝ ජාතික සභාවක් ඇති කරන්න කියල මම යෝජනා කරනවා. මේක තවදුරටත් ගෙනියන්න බැහැ. එකඟ වෙන්න පුළුවන් ඒවාට එකඟ වෙමු. එකඟ වෙන්න බැරිවෙලාවෙදි සාකච්ඡා කරලා අපි පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අනුව බෙදෙනව නම් ඡන්දය දෙමු. නැත්නම් ඡන්දෙ දෙන්නේ නැතුව විසඳන්න බලමු.

ඒත් මේ අවස්ථාවේදී අපි එකක් මතක තියාගන්න ඕනේ දෙපැත්තම මේ සංස්කෘතිය නැති කරන්න. මේ පාර්ලිමේන්තු සංස්කෘතිය එක්ක අපිට ඉදිරියට යන්න බැහැ. මේ පැත්තෙන් කෑ ගහනවා. ඒ පැත්තෙන් කෑ

ගහනවා. මේ රට කියනවා අපි උවමනා නැහැ කියලා ඇත්ත වශයෙන්ම ඇයි ඡන්දයක් තැබුවේ කියලා. රට අහන්න යනවා. අපි ඉස්සෙල්ලා මේක හදාගමු.

ඒ නිසා තමයි පාර්ලිමේන්තු ජාතික සභාව ඇති කරන්න කියන්නේ. අපි අතර කතා කර ගනිමු මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව ජදාැ ද ජදබාමජඑ එකක් හදන්න වුවමනායි. මේ ඔක්කොම අපි කරන්න තියෙන ඒවා. මේ රටේ තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම අද කතා කරන්නේ නැහැ. එන සතියේ සම්පූර්ණම ආර්ථිකය

ගැන කතා කරනවා. මම මේ දෙපැත්තෙන්ම ඉල්ලන්නේ අපි මේක වෙනස් කරගමු. අපේ ප්‍රශ්න තියනවනම් කතා කරගමු.

කතා කරන්න බැරි නම් අපි එළියට ඇවිල්ල කතා කරගමු. කරුණාකරලා මම දෙපැත්තටම කියනවා. මමත් ආවේ හැම එකාගෙම බැනුම් අහලා. මේ සංස්කෘතිය වෙනස් කරගන්න අදහස් වෙනස් කරගන්න. ප්‍රතිපත්ති වෙනස් කරන්න කියන්නේ නැහැ. කරුණාකරලා මේ සංස්කෘතිය වෙනස් කරන්න.

Related posts

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරයි

Admin

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

වව්චරේ අවුල්… දෙමව්පියෝ අකිල ඇමතිතුමාගේ මෑණියෝ සිහි කරනව – බුද්ධික පතිරණ

colombotoday

එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලපෑම්වලට එරෙහිව ජනිපෙ අද කොළඹදී වීදි බසී !

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

colombotoday