Colombo Today Local News

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ හදිසි අභාවයෙන් හිස්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා ජගත් සමරවික්‍රම මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.

ඒ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරුවන්ය.

සිද්ධිය වන අවස්ථාවේදී ඔවුන් ඇඳ සිටි ඇඳුම් කට්ටල දෙකක් හා පිහියක් ද පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මලික්ටත් ගුටි…

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

ඇමරිකානු තානාපතිනිය කථානායක කරු හමුවෙයි…

colombotoday

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

colombotoday