
අද (19) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබා දීමට නොහැකි නම් ඔවුනට නැවතී සිටීමට හෝටල් වෙන්කර දෙන ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත.
මේ බව ඔහු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ගරාජයෙන් ඉන්ධන ලබාදීමට ගත් පියවර සම්න්ධයෙන් අදහස් දක්වමින් කියා තිබේ.
තවදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා,
“සමහර මන්ත්‍රීවරුන්ට ඉක්මනින් යන්න ඕන වුණා. ඒ අය මගෙන් ඉන්ධන ගැන අහුවා. එහෙම නැත්නම් එම අයට මෙහි නැවතී සිටින්න හෝටල් වෙන් කරන්න කිව්වා. මේ තමයි තත්ත්වය”
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com