Colombo Today Local News

ප්‍රචණ්ඩත්වය පැතිරුවැයි රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තුනක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් රූපවාහිනී ආයතනයක නිවේදිකාවක ඇතුලු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාය මගින් අද (19)දින අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

මොවුන් දික්වැල්ල, ගංගොඩවිල, නාරාහේන්පිට යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් නිවේදිකාව නාරාහේන්පිට පදිංචි (39) හැවිරිදි කාන්තාවක් බවත්, සමාජ මාධ්‍ය මගින් ප්‍රචණ්ඩත්වයට අනුබල ලබා දීම, චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

දිල්වැල්ල ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් සැකකරු වයස (22) හැවිරිදි වාහන අලුත්වැඩියා කිරීමේ රැකියාවේ නිතර තරුණයෙක් බවත් මොහු ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ නිලධාරීන්ගේ නිවාස ගිනි තබන ලෙසට අන්තර් ජාලය ඔස්සේ සජීවීව ප්‍රචාරය කොට මහජන කැලඹීමක් ඇති කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නුගේගොඩ ගංගොඩවිල දී අත්අඩංගුවට ගත් සැකකරු (21) හැවිරිදි පුද්ගලික ආයතනයක සේවය කරන තරුණයකු බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වයට ආධාර අනුබල ලබා දීම හා මහජනතාවට තර්ජනය වන ආකාරයේ තොරතුරු පලකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකාරිය හා සැකකරුවන් දෙදෙනාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

“අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන්”

colombotoday

ජාතිවාදී ආණ්ඩුව භූමිදානය කරන්න දෙන්නේ නෑ. වැළලීම වෙනුවෙන් මෙවර නලින් බණ්ඩාර

colombotoday

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

සීඝ්‍රයෙන් කෙරෝනා පැතිරුණත් යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ..

colombotoday

වැඩට එන්න.. ඉල්ලීම් දෙන්නම් – තැපැල් සේවකයන්ට ඇමති දන්වයි !

colombotoday