Colombo Today Local News

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා යොදාගනු ලබන මිල්ක් වර්ගයේ තිරිඟු පිටි කිලෝවක් රු 243.50 ක් වන අතර මෙලෙස මිල වැඩි විමත් සමඟ තිරිඟු පිටි කිලෝ 50ක මිටියක් මිලදී ගැනීමට රුපියල් දස දහසකට වැඩි මුදලක් වැයවන බව බේකරි හිමියන් ප්‍රකාශ කර සිටී.

බේකරි හිමියන් වැඩිදුරටත් පවසා සිටින්නේ මේ හේතුවෙන් පාන් ඇතුළු අනෙකුත් බේකරි කෑම වල මිල යළිත් ඉහළ දැමීමක් සිදුවිය හැකි බවත් අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩිවීම හමුවේ බේකරි කර්මාන්තය කඩාවැටීමේ දැඩි අවදානමක් ඇති බවත් ය.

Related posts

කෝවිඩ් – 19 සමඟ සටන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. මිලියන 25 ක මුදලක් ප්‍රදානය කරයි

colombotoday

සිංහලේට එරෙහිව එකම ලේ වීදිබසී.. මුස්ලිම් අයිතීන් සහ සමලිංගික අයිතීනුත් ඉල්ලයි

colombotoday

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

colombotoday

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

Admin

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday