Colombo Today Local News

ආර්ථික බලවතුන්ගේ G-7 කණ්ඩායම ලංකාවට ණය සහන දීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයන්ට සහාය වන බව ‘G 7’ සමුළුවේදී සාමාජික රටවල මුදල් අමාත්‍යවරු ප්‍රකාශ කළහ.

ජර්මනියේ ඊයේ (19) පැවති ‘G 7’ සමුළු රැස්වීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බව එම රටවල් නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව (18) සහන කාලය අවසන් වූ බැඳුම්කර දෙකක් සඳහා පොලී ගෙවීමට අපොහොසත් වීමත් සමග නිල වශයෙන් විදේශ ණය ගෙවීම පැහැර හරින ලද රටක් බවට පත් විය.

“ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් සෙවීමට ‘ජී7’ රටවල් කැපවී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීම සඳහා ඵලදායි ලෙස සාකච්ඡා කරන ලෙසත්” ‘G 7’ සාමාජික රටවල් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

Related posts

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday

පැය 4ක් CID යේ සිටි රන්ජන් රාමනායක පිටවයයි

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන ත්‍රිපුද්ගල කමිටුවෙන් අලුත් යෝජනාවලියක්

colombotoday

“අපරාධකාරයෙකුට කැබිනට් අමාත්‍ය ධූරයක් දරන්න බැහැ… ” – විජිත හේරත්

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

colombotoday