Colombo Today Local News

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

අද දින (20) ගෑස් සිලින්ඩර 45,000 වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මාධ්‍යට පැවසුවේය.

එමෙන්ම හෙට (21) සිලින්ඩර් අසූදහසක් (80,000) වෙළෙඳපොළට නිකුත් කෙරෙන බවද හෙතෙම කීය.

ගෑස් මෙට්‍රික් ටොන් දෙදහස් අටසියයක් (2,800)ක් රැගත් නෞකාවක් පසුගිය අඟහරුවාදා (17 වැනිදා) පස්වරුවේ දිවයිනට ළඟා වුවද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩබෑමට නොහැකි විය.

කෙසේවෙතත් එම නෞකාව කොළඹ වරාය වෙත රැගෙනවිත් පසුව ඒවා කෙරවලපිටිය ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ප්‍රවාහනය කර අනතුරුව බෙදාහැරීම් කටයුතු පෙරේදා (18) ආරම්භ කළේය.

ඉදිරියේදී දිනපතා ගෑස් සිලින්ඩර් අසූදහසක් බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව පෙරේදා බස්නාහිර පළාතට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර් තිස්පන්දහස් පන්සිය හතළිස් හතරක් (35,544) වෙළෙඳපොළට මුදාහැරීය.

Related posts

මිල වැඩි නොකර කිරිපිටි ආනයනය කරන්න බැසිල්ට පවරයි

colombotoday

දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් විසිදාහක් මියයයි

colombotoday

ලංකාවේ උද්ධමනය සියයට 106 දක්වා ඉහළට

Admin

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

සබීතාගේ බිල්ඩිමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වහාම ඉවත් කරගන්නැයි ජනපති දන්වයි

colombotoday

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද? මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද?- ප්‍රසන්න රණවීර අසයි

colombotoday