Colombo Today Local News

ඉන්දියානු අපනයන – ආනයන බැංකුවෙන් කෙටි කාලීන ණය මාලාවක් ගන්න කැබිනට් අනුමැතිය

ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ ඉන්දියානු අපනයන – ආනයන බැංකුවෙන් කෙටි කාලීන ණය මාලාවක් ලබා ගැනීමට කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය පහසුකමක් සහ ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ද මේ වන විට කටයුතු කර ඇත.

තව ද දැනට පවතින විදේශ විනිමය හිඟය පියවා ගනිමින් අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු අපනයන – ආනයන බැංකුවෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය මාලාවක් ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

අදාළ යෝජනාව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර තිබේ.

Related posts

රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයි

colombotoday

සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය යථාවත් කිරීමට සූදානමක්

colombotoday

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

colombotoday

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

colombotoday

හිටපු හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානීන් සිව් දෙනෙක් CIDයට

colombotoday