Colombo Today Local News

ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් හදයි

ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කල බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත.

ඉදිරි දේශපාලනය අරමුණු ජය ගැනීම සඳහා එම තීරණය ගත් බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්චාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“ඉදිරියේදී එන ‍දේශපාලන අභියෝග ජයගන්න, ඉදිරියේදී අපේ පක්ෂ එකමුතුවෙන් නිත්‍යානුකූල සන්ධානයක් පිහිටුවීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම රටේ මේ පවතින ආර්ථික අර්බුදයත්, ඒ ආර්ථික අර්බුදත් එක්ක ඇතිවෙමින් තිබෙන දේශපාලන සහ මනාව අපදාකාරී තත්ත්වයත්, පිළිබඳව ගැඹුරු අදහසක් ඇති කරලා. එතනින් ගොඩ එන්න රජය ගෙන යන ක්‍රියාදාමය පිළිබඳව මීට වඩා විපක්ෂයේ සිට මඟපෙන්වීමේ භූමිකාව සඳහා අලුත් වැඩසටහන් කිහිපයක් අපි ඉදිරියේදී ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. මේ තිබෙන අර්බුදකාරී වාතාවරණය යටතේ අපිට පරමාදර්ශී උත්තරයක් මේ අවස්ථාවේදී නිර්මාණ කරගන්න බැහැ. මොන උත්තරේ ලැබුණත් ඒකේ පොඩි අංගවිකල ස්වභාවයක් ඇතිවෙන එක පවතින යතාර්තය අනුව බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. නමුත් කිසිම පාලනක්, ආණ්ඩුවක් නැතුව රටක් අරාජික තත්ත්වයට වැටෙනවට වඩා යම් කිසි රාජ්‍ය පාලනයක් මේ රටේ පැවැතිය යුතුයි. හැබැයි මේ තියන පාලනය මගින් මේ තියෙන ආර්ථික ඇදගෙනයන්න හදනවානම් වෙනත් භාහිර බලවතුන්ගේ මනදොළ සපුරලාන දිශාවකට. එහෙම තත්ත්වයක් තිබෙනවානම් අපි ඒ ගමනකට කිසිම සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.”

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ඉන්ධන නැති කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නවතී

colombotoday

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය නිදහස් කුසලාන 2020 අවසන් මහා තරගයට…

colombotoday

මේ ආණ්ඩුව ආ දා පටන් තර්ජණ වැඩිවුණා.. පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවා

colombotoday

දේශපාලන කුණාටුව මැද ජනපති තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරයි

colombotoday