Colombo Today Local News

නවක වදයට එරෙහි වූ සිසුවෙකුට පහරදුන් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35කට ඇප

නවක වදයට විරුද්ධ වූ සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ පළමු වසරේ සිසුන් 35 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කිසිදු හේතුවක් මත වින්දිතයින්ට තර්ජනය නොකරන ලෙස නියෝග කළ අධිකරණය එසේ වුවහොත් සැකකරුවන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන බව ද එහිදී පැවසුවේ ය.

නවකවදයට විරුද්ධ වීම හේතුවෙන් කලක පටන් පැවති ආරවුලක් මත පළමු වසරේ ඉගෙනුම ලබන අදාළ සිසුවාට මෙම පහරදීම සිදු කර ඇති අතර එය වැළැක්වීමට උත්සාහ කළ අදාල සිසුවා රැඳී සිටි නේවාසිකාගාරයේ භාරකරු ද සිසුන්ගේ පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

එලෙස රෝහල්ගත කෙරුණේ 52 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය විසින් විමර්ශන පවත්වනු ලැබේ.

Related posts

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිපති CID ප්‍රධානියා ව කැඳවයි

colombotoday

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

colombotoday

කැළණි සිසුන්ට බඩකට පුරා කදුළු ගෑස්.. අධිපීඩන ජල ප්‍රහාර !

colombotoday