
මහියංගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හබරවැව කිරිමැඩිල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පියා සහ වයස 10 හා 15 වියේ පසුවූ පුතුන් දෙදෙනාය.
ඊයේ සවස ඔවුන් දියනෑමට ගොස් යළි රාත්‍රී වන තුරුත් නොපැමිණීම නිසා සොයා බැලීමේදී මෙසේ මියගොස් ඇති බව හෙළිවී ඇත.
මළ සිරුරු පශ්චාත් පරීක්ෂණ සඳහා මහියංගනය රෝහලට රැගෙන ගොස් තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com