Colombo Today Local News

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

කිලෝ එකකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 ක් සමග පළමු සැකකරු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.

පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 157 ක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙවන සැකකරු කළ අනාවරණයකට අනුවයි.

අත්අඩංගුවට ගත් මීගමුව සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අදාළ සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම, ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය

colombotoday

අමල් පෙරේරා සහ DIG නාලක ද සිල්වා අතර දැඩි සබඳතාවක් තිබිලා. CID ය අධිකරණයට දන්වයි

colombotoday