Colombo Today Local News

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද (27)දින ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට පියවර ගත් බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ, බොර තෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ හැකි බවයි.

ඒ අනුව දින 6 කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කළ හැකි බව ද ඔහු කියා සිටියේ ය.

සපුගස්කන්ද පිරිපහදුව යළි සක්‍රීය වන්නේ මාර්තු 20 වැනිදායින් පසුවයි.

මේ වනවිට පෙට්‍රල් හා ඩිසල් අඛණ්ඩව පිරවුම්හල් ‍වෙත බෙදා හැරීමට පියවර ‍ගෙන ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Related posts

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

Admin

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

colombotoday

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

“තේ දළුත් කෑමට සුදුසුයි.. කොස් ගෙඩියේ නාරටියත් කත හැකියි“ – ආහාර හිගයට රජයෙන් පිළියම්

colombotoday

“ඒ ගැන පස්සෙ කතා කරමු” බැදුම්කර කොමිසමෙන් එළියට ඇවිත් ඇමති කබීර් කීව දේ (Video)

colombotoday