Fact check

ජී.එල්.ගේ පච අතේ පත්තුවෙයි.ඩොලර් මිලියන 700ක් දෙන බව චියෝ කන්ඩා කියා නැහැ. ලෝක බැංකුව කියන ඇත්ත මෙන්න

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බවට කොළඹ ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය ප්‍රකාශ කළ බවට පළවී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ලෝක බැංකුව නිවේදනය කර තිබේ.

මෙම මාධ්‍ය වාර්තාව පළකර ඇත්තේ, ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර මැයි 27 වන දා පැවති හමුවකදී මේ බව සඳහන් කළ බවට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි.

කෙසේ වෙතත්, ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව භාර අධ්‍යක්ෂ ෆාරිස් එච්. හදාද්-සර්වෝස් මහතා ට්විටර් පණිවුඩයක් මගින් දන්වා ඇත්තේ, නිසි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාරයක් සැපයීමට සැලසුම් කර නොමැති බව ය.

ශ්‍රී ලංකාවේ පැවති ප්‍රතිපත්ති ආපසු හරවමින් ආර්ථික ස්ථාවරත්වයක් යළි ඇති කිරීමට අවශ්‍ය සහය දෙන බව ද ඔහු සඳහන් කර තිබේ.

Related posts

FACT CHECK: ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

colombotoday