World

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයට සහ වොල්නොවකා නගරයට තාවකාලිකව ක්‍රියාත්මක කළ සටන් විරාමය අත්හිටුවා තිබේ.

යුක්රේන බලධාරින් සඳහන් කර ඇත්තේ රුසියානු හමුදා සටන් විරාමයට ගරු කරමින් කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස සටන් විරාමය තාවකාලිකව අත්හිටුවන බවයි.

යලිත් නිවෙස් වෙත ගොස් වැඩිදුර තොරතුරු ලබාදෙන තෙක් ආරක්ෂිතව රැදී සිටින ලෙස මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා නගරයේ බලධාරින් නගර වැසියන්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම්දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එමෙන්ම යුරෝපා කලාපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙසට සැලකෙන Zaporizhzhia බලාගාරය රුසියාව විසින් අත්පත් කර ගැනීමට විරෝධතා දක්වන ලෙසට යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy රුසියානුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

පවතින ගැටුම් අතරතුර Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ගොඩනැගිල්ලක් රුසියානු හමුදා විසින් ගිනිබත් කළ බවයි යුක්රේන බලධාරීන් සිකුරාදා ප්‍රකාශ කළේ.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවදිගෙන් බන්ධනාගාරයකට ප්‍රහාරයක්

colombotoday

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අසාධාරණම නඩු තීන්දුව ලැබුණු කැත්ලීන්ට වසර 20කට පසු සමාව

Admin

වැඩ පෙන්නන්න ගොස් ඉල්ලන් කන ISIS සාමාජිකයා

colombotoday

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

colombotoday

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin