Colombo Today Local News

විභාග ශාලාවේදී සිසුවිය අපයෝජනය කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් අරඔයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක් අනුරාධපුරය – හිදෝගම කලුවිල සේන පාසල් විභාගය මද්‍යස්ථානයේදී විභාග ශාලා නිරීක්ෂකවරයෙක් විසින් අපයෝජනයට ලක් කළ පුවතක් අනුරාධපුරය ප්‍රදේශයෙන් වාර්තා විය.

ඇය සිය දෙමාපියන් සමග හිදෝගම පොලීසියට පැමිණිලි කර තිබුණේ පසුගිය 25 වන දින ඉතිහාසය විෂයට අදාළ විභාගය පැවැත්වෙන අතරතුර සහ විවේක කාලයේදී අදාළ විභාග ශාලා නිරික්ෂකවරයා විසින් සිසුවිය අපයෝජනයට ලක් කළ බවයි.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් විභාග කොමසාරිස්ට දන්වා යවා ඇති බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත සිසුවියගෙන්, විභාග ශාලාධිපතිවරයාගෙන්, සහකාර ශාලාධිපතිවරයාගෙන්, චූදිත නිරීක්ෂකයාගෙන් සහ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ප්‍රකාශයන් ලබා ගැනීමට නියමිත බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

මේ වන විට චූදිත විභාගශාලා නිරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එම අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Related posts

වෝහාරික විගණන වාර්තාවෙන් මා නිදොස්කොට නිදහස්… ප්‍රශ්න ඇතිකළේ මලික්, මංගල, කබීර් ඇතුලු පිරිසක් !

colombotoday

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

colombotoday

ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව වෙනස් කිරීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වන බව ඉන්දියාව කියයි

colombotoday

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday

මහනුවරට භූ චලනය පිලිබඳ පරීක්ෂණයක්

colombotoday